Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / නිවුන් සොහොයුරිය - සහස්‍රයේ දියණියෝ - 03

නිවුන් සොහොයුරිය - සහස්‍රයේ දියණියෝ - 03

ප්‍රවර්ග (Genre): Fiction - ප්‍රබන්ධ
About this book

සැඟවී සිටින තැන ලෝකයට රහසක් කරවමින් මරණ දඬුවමින් පලා ගිය අවුරුදු දහසේ මායාකාරියක්. කිසිදු වරදක් නොකළද දඬුවම් විඳීමට සිදුවූ මිතුරියන් සිව්දෙනෙක්.

නොවැළැක්විය හැකි ලෙස කාමර සඟයකු ලෙස හමුවන නර්ථන අංශයේ සාමාජිකාවක්. තම හදවතේ හඬ විශ්වාස කරමින්, ලෝකයෙන් සැඟව ගිය නම ප්‍රථම ආදරය සොයායන කුළුඳුල් ප්‍රේමවන්තයෙක්. සුප්‍රසිද්ධ අනාවැකියක් සම්පූර්ණ කරවමින් නිවී ගිය පහන් දැල්වූ නිසල රාත්‍රියක්.

“අම්මේ”.... මියුලින් මිමිණුවාය. අසල මේසය මත තබා තිබූ මියුලින්ගේ ජංගම දුරකථනයට ඇමතුමක් එන බව එහි තිරයේ සටහන් විය. එය මහ හඬින් නාද නොවූවද එහි තිරය ආලෝකමත් වී තිබූ අතර තිරය මත ‘අම්මා' ලෙස සටහන් වී තිබිණි. තම දියණිය කුමක් හෝ අනතුරක බව දැනුණු නිසාදෝ ජස්මින් ඇයට ඇමතුමක් ගනිමින් සිටියාය. නමුත් එම දුරකථන ඇමතුම කිසිවෙකුගේ නෙත නොගැටීම විසන්ධි වී ගියේය. තමන්ට අහිමි වූ මායා බල යලි ලබා ගැනීමට මිතුරියන්ට හැකි වේවිද? සාක්ෂි සහිතව කරුණු දැක්වුවද අසාර්ථක වී ගිය තම සැකය තවදුරටත් ඉදිරියට ගෙන යාමෙන් ජුලියන්ට යහපත් ප්‍රතිඵල ලැබේද? මේ, අසාධාරණයත්, සබඳතාත් අතර දෝලනය වෙමින් යාතාර්ථයට මුහුණ දීමට වෙරදරන ඔවුන්ගේ කතාවයි.

Details
ISBN
9786246585204
පිටු ගණන (Pages)
263
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review

You're reviewing: නිවුන් සොහොයුරිය - සහස්‍රයේ දියණියෝ - 03

Reviews are published once a member of our team has read them.