නොදනිමි කාගේ දොසා
'නොදනිමි කාගෙ දොසා' නවක ලේඛිකාවකගේ කළඑළි බැසීමකි; සුවිශාල කැපවීමක් දරා සංවේදී කතා පුවතක් පාඨකයා හමුවට ගෙන ඒමට දැරූ උත්සාහයකි.
විශේෂයෙන් යථාර්ථය මේ යැයි කියා නිෂේධනීය තත්ත්වයක් වන අසංවේදී මිනිසුන්ගේ නරුම ක්‍රියා උලුප්පාලන සහ ඔවුන්ගේ ජයග්‍රහණ සටහන් කරන වර්තමාන ප්‍රබන්ධකථාවට- වේදිකාවට ඇගේ මෙම නිර්මාණයේ පැමිණීම වේදිකාගත වීම රික්තකයක් පූරණයක් ලෙසින්ද හඳුනා ගැනීම වරදක් නැත. මන්ද ඇය කිසි සමාජයක නිර්මාණකරුවාගේ වගකීම කුමක්ද යන්න අවබෝධ කරගෙන ඇති හෙයිනි.
ලද අත්දැකීම ඒ ආකාරයෙන්ම ඉදිරිපත් කිරීමට අවශ්‍ය වීම නිසා යම් යම් තැන්වල ඍජුවම ප්‍රකාශ කරන බවක් ප්‍රකට කළද ඇය මවන කතා පුවත මනුෂ්‍යකම්-සාරධර්ම සුවිශාල වශයෙන් පරිහාණියට පත්වීම නිසා නන්නත්තාර වූ සමාජයට වටිනා කියැවීමක් සපයා තිබේ. සාමාන්‍ය ජීවිතයේ සිටීයැයි කියා පිළිගැනීමට නොහැකි තරමට සංවේදී වන - එහෙයින්ම අනන්ත කැපකිරීම් කරන ගැහැනියක වටා ගෙතෙන මෙම කතාව සිංහල සාහිත්‍යයට-සංස්කෘතියට වුවමනා කියැවීමක් වන්නේය.
ඇය වැනි සංවේදී ලේඛිකාවකගේ බහුල කියැවීම්වලින් පසු ලියැවෙන නවකතාවක් කියවා ගැනීමේ අනාගත බලාපොරොත්තුවෙන් දීර්ඝකාලීනව ලේඛනයේ-නිර්මාණකරණයේ යෙදෙන්නට ඇයට ඇරයුම් කරමි.
-ආචාර්ය මහින්ද රත්නායක, ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය, සිංහල අධ්‍යයන අංශය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය.-
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.