Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / නූපුරක් ඉකි බින්දා

නූපුරක් ඉකි බින්දා

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

උදෑසනම සුදීගේ වේලාපත්කඩය අතට ගත් ඩිංගිරාල ගුරුන්නාන්සේ බෙං ගඟේ ඉහළ මායිමේ කපුරුහාමි වෙදහාමිනේ හමුවීමට ලකලෑස්ති වුණේය. පෙරදා රැයේ එනනිටවත් නොකියා පෙට්ටගමෙන් සොයාගත් සුදීගේ වේලාපත්කඩය බලා ගුණාගුණ අසා දැනගත යුතු යැයි සිතුණේ වරක් දෙවරක් නොවේ. අහල ගං තුලානවල හැම ගැහැනියක්ම මිනිසෙක්ම කපුරුහාමි වෙදහාමිනේන්ට දක්වන්නේ ගෞරවයකි. ඈ කියන දෙයක් ටක්කෙටම හරියන බවත් වැරදි නැති බවත් ගම්මුන් කියන්නේ උපරිම විශ්වාසයෙනි. ළමයින්ට නම් දමාගැනීමට, ඉදුල් කටගෑමට මෙන්ම යන්තම් උවමනා වුණොත් කියා අකුරක් දෙකක් කියවා ගැනීමටත් මල්වර නැකතට ඉසදිය වක්කරන වේලාවක් බලාගැනීමටත්, උවමනා වත් පිළිවෙත් අසාගැනීමටත්, එන්නේ ඈ ළඟටය. ඒ සියලු කාරණා සිතින් මෙනෙහි කරමින් කාටත් නොපෙනෙන්නට වේලාපත්කඩය ඉණ රඳවාගත් හේ ඉක්මනින්ම ඉඳිකඩ පැන්නේ යන ගමන කාගේවත් කනේ නොතබමිනි.

ඩිංගිරාල ගුරුන්නාන්සේ පිටත්ව ගිය සැණින් වැලිපාරේ කඩපිල පැත්තට ඇදෙන වේගවත් ඡායාව කාගේදැයි අදුනාගන්නට සුදී එදෙසට පා නැගුවාය. ගමනේ වේගය ඉක්මන් වැඩි බැවින් ඡායාව ගස්වැල් අතරින් නොපෙනී ගියෙන් යන්නේ කවුදැයි සුදීට අඳුනාගත නොහැකිවිය. පිළිකන්නේ සිට දෙපා ඇඟිලි තුඩුවලින් ඉස්සි ඉස්සි බලන තම සොහොයුරියගේ විපරම කුමක්දැයි දැන-කියාගැනීමට සසඳාට ඇතිවූයේ නොඉවසිල්ලකි.

ISBN
9786246743345
පිටු ගණන (Pages)
192
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: නූපුරක් ඉකි බින්දා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.