පබළු පාවඩ
''මිනිස්සුන්ට බලා ඉන්න අපි වැරදි දෙයක් කරනවද සුදු නංගී.... මේ මට දැන් ඉතින් මොනව හොඳනැති වෙන්නද....? මගෙ ජීවිතේට දැන් මොනව වුණාම ඔයාට මොකද...?”
චූටි මහත්තයාගේ කතාවට පූජනීගේ හිත රිදුණේය.
‛කෝ දෙන්න සුදු නංගී ඕක.... ඔයාට හිතෙනව ඇති නේද මං වගේ බේබද්දෙක් එක්ක මොකට කතා කරන්න ද කියලා....''
“මොනවද චූටි මහත්තයා මේ කියවන්නෙ...? නිකන් බොරුවට තමන්ගෙ වටිනා ජීවිතේ නැති නාස්ති කර ගන්න එපා මේ මං වගේ කාලකණ්නි ගෑනියක් හන්දා නම්....”
පූජනී ඒ ටික කියා ගත්තේ හැඬේවිදැයි බියෙන්ය. ඊට පස්සේ එතැන මොහොතක්වත් නොරැඳී ඈ ගෙදර පැත්තට හැරෙද්දී චූටි මහත්තයා ආයෙමත් කතා කළේය.
"සුදු නංගී... ඔයාව මට නොලැබුණත් ඔයා සතුටින් ඉන්න ඕනෙ. ආයෙමත් බැංකු මහත්තයා එක්ක එකතු වෙන්න. මට ඔයා මෙහෙම දුක් විඳිනව බලා ඉන්න බෑ...”
තමාගේ හදවත මත්තට විසල් අකුණු සරයක් පතිත වුණාක් වාගේ කම්පනයකින් පූජනීගේ හදවත සසළ වුණේ චූටි මහත්තයා දුකින් වාගේ කී වචන හන්දාය. පූජනී ඔහු එතැන තනිකර යන්නට යද්දී චූටි මහත්තයා උන්නේත් පැරණි ප්‍රේමය නිසා තවමත් රිදුම් දෙන හිතින් විඳව විඳවාය.
Details
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.