Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / සිඳු රළ රඟ

සිඳු රළ රඟ

About this book

මුහුද දෙස බලද්දී ලැබෙන චමත්කාරය අතිමහත්ය. සැඩ චණ්ඩ කුණාටු වලින් වරෙක ඔපවත් වන ඇය බොහෝ විට ළගන්නා ස්වරූපයකින් මිහිකත සිපගන්නීය.

වන මෘගයන්ගේ හඬින් බියකරු වෙන මහ වනයද එවැනිය. ඉඳහිට සන්සුන් වුවද බොහෝ විට හුදකලාව හා එක්වූ බිහිසුණු බවක් දනවන බව අපි දනිමු.

මුහුදුකරයටත්, එවැනි වන දහනකටත් ආදරය කළ, කිසිවෙකුටත් හිස නොනමන, මුහුදත් වනයත් තමාගේ ජීවන වාසස්ථානය කරගත්, ජීවිතයද මුහුද හා වනය මෙන්ම වෙනස් වෙද්දී, ජීවිතයේ විවිධ හැලහැප්පුම් වලට ගොදුරුවුණු, නොසැලී ඒවාට මුහුණ දුන්,පරදේසක්කාරයකුගේ ත් ඔහුට ආදරය කළ අක්කා නගෝ දෙදෙනෙකුගේත් ගැඹුරු විවාහ සංකල්පයක් සහිත, ආදරය ශෘංගාරය කෝපය වේදනාව ක්‍රෝධය ඊර්ෂ්‍යාව වැනි මිනිස් වර්ගයාගේ හොඳ නොහොඳ සියල්ලම කැටි කරගත්, දශක ගණනාවකට එපිට කාලයක සත්‍යයට මුසුවූ විරල ගණයේ අපූර්ව ප්‍රබන්ධකරණයක් වූ සිඳු රළ රඟ කියවීමට ආශා සිතෙන ලස්සණ යැයි කිව හැකි නවකථාවකි.

මම එය එක දිගට දෙවරක්ම කියවිමි. ප්‍රියා සජීවනි සොහොයුරිය, ඉදිරියේත් මෙවැනි පිරිපුන් නවකථා පාඨක නෙත් අතරට දෙන්නට ඔබට දහිරිය ලැබේවා.

ප්‍රවීණ ලේඛිකා රමණි බුලත්සිංහල

ISBN
9786245768738
පිටු ගණන (Pages)
232
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: සිඳු රළ රඟ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.