පළිඟු ඇස්
“කොහේදෝ ඉඳන් ආව කෙල්ලෙක් මගේ පපුව ගිනි තියලයි තියෙන්නේ ආයුරා.......
“ඔයාගේ පපුව විතරක් නෙමේ ද්වේන්, ඔයාගේ මුළු ඇඟම කොයි වෙලෙත් ගිනි ගන්නවනේ.. ඒ ගින්නෙන් පිච්චෙන්නේ මමයි දේවේන්.. ඔයා නෙමේ..."
ඇය පැවසුවේ අඩවන් වූ දෙනෙතින් ඔහු දෙස බලන්නට උත්සහ ගනිමිනි.
“මං කතා කරන්නේ එහෙම ගින්නක් ගැන නෙමේ ආයුරා.. ආදරේ කියන ගින්න ගැනයි මම කියන්නේ...“
“ආදරේ කියන්නේ ගිනි ගන්න හදවතක් නිවන්න පුළුවන් දෙයක් මිස හදවතක් ගිනි නියන්න පුළුවන් දෙයක් නෙමේ...“
ඇය පෙරලා ඔහුට පිළිතුරු දුන්නාය.
හැමෝටම එහෙම නෑ ආයුරා.. මං වගේ ආදරේ කරන්න දන්නේ නැති මිනිහෙක්ට ආදරයක් දැනෙනවා කියන්නෙම මාව ගිනි ගන්නවා වගේ දෙයක්.. ඔව් ඒ ගින්න තිබ්බේ උඹ ආයුරා.. මුලින් කිව්වා වගේ මගේ මේ පපුවේ ඇවිළෙන ගින්නෙන් පිච්චෙන්න වෙන්නෙත් ඒ ගින්න තිබ්බ කෙනාටම තමා. "
Details
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.