Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / පමා වූ හසරැල්

පමා වූ හසරැල්

About this book

සහන්ගේ දෑඟිලි ගිලිහී වැටුනා මතකය. එහෙන් ඒ ගැන නොසිතාම මම දෑතින් මුහුණ වසා ගතිමි. මේ පාපොච්චාරණය කල හැක්කක් නොවේ. වදනින් වදන ගැලපිය හැක්කක්ද නොවේ. ඒ තරම්ම දුකකි. කෑ ගසා හඬන්නට සිතණු සිතුවිල්ල මම ඉවසා දරා ගනිමි. මිත්‍ර පිළිබඳව සිත්හි වූ හිස් හැඟීම අපහැදීමකට පෙරලෙමින් තිබේ. සහන්ගේ උරතලයේ හිස හොවාගෙන කෑ ගසා හඬන්නට ඕනෑ වුවත් ඔහු නිහඬය. විනාඩි ගණනාවක් ගතව යන්නට ඇත. ඔහු අඩු තරමේ හඬන්නට එපා.. කියාවත් නොකියුවේය. ඇදහිය නොහැක්කක් සිදු වූවා සේ ඔහු නිහඬය. නිසොල්මන්ය.

“හැම දෙයක්ම අමතක කරමු සාධනා. ඒ ඔයා හිතලා කල වරදක් නෙමෙයි.. අපි... අ.පි අලුත් ජීවිතයක් පටන්ගමු. ඒ ජීවිතයට මිත්‍රවත් වත්සලාවත් එපා, අපි දෙන්නා විතරක් ඉන්න ආදරණීය ජීවිතයත්....”

ඒ හඬ සිහිනයෙන් සේ ඇසුනේ තවත් තත්පර ගණනාවක් ගතව ගිය පසුය. තිගැස්සුන මම නෙතු විවර කළෙමි. ඔහු තවමත් පෙර උන් නිහඬ නිසොල්මන් ඉරියව්වේමය. මම පපුවට අත තබා ගතිමි. ඒ ඇසී ඇත්තේ බලාපොරොත්තුවේ දෝංකාරයයි.

 ̈“සහන් අයියේ..”

දරා සිටිනු බැරිම වූ තැන මම හඬ අවධි කළෙමි.

"මට මේ දේවල් හංගලා ඔයා ළඟට එන්න උවමනාවක් තිබුණේ නෑ... ඔයාට. ඕනම නිදහස් තීරණයක් ගන්න අයිතිය තියනවා..” බංකුවේ එකිනෙකාට තුරුල්වන තරමට ලංව උන් අප දෙදෙනා අතර සෙන්ටි මීටර් ගණනාවක දුරස්ථ බවක් ඇති වූයේ කෙලෙසකදැයි මා දැන සිටියේ නැත. ඔහු යමක් පවසතුරු බලා සිටි සිතට දැන් වෙහෙසය.

ISBN
9786245115006
පිටු ගණන (Pages)
220
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: පමා වූ හසරැල්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.