පාපොච්චාරණය
කිසිවෙකු පාපොච්චාරණයක් කළ යුතු වන්නේ මද? සිය ජීවන ලාලසාව හෘද සාක්ෂියට එකඟ නැතැයි හැඟෙත කළ ද?
සැබැවින් පාපොච්චාරණ අනවශ්‍යය ද? දේශිත ප්‍රමෝද් කවියා නවකතා කරුවෙකු ලෙස දොරට වඩින්නේ පාපොච්චාරණය. කෘතියෙනි. එය හොඳ නරක හා කළු සුදු යහපත අයහපත මායිම් රේඛා බොඳ කරන අතර යක්ෂයා ද සුර දූතයා ද එකම මනුෂ්‍ය ශරීරයක වෙසෙන බව ද විදහා පායි. ප්‍රමෝද්මය ශෛලියකින් දිග හැරෙන මේ මනරම් ගෙත්තම මනුෂ්‍ය සන්තානයේ සංකීර්ණත්වය සේ ම ආදරය. අනුරාගය හා ද්වේශය යනාදී සකල විධ හැඟීම් සමඟ පාඨක සිත් සතන් කළඹාලයි.
සරසවි මානවකයා යනු මේ සමාජයේ ම පීඩාවට පත් අයෙකි. සරසවිය ද සමාජයට බාහිර කිසියම් පවිත්‍ර හෝ ශුද්ධ වූ අධ්‍යාපනයේ ආලෝකයෙන් ප්‍රචලිත ආයතනයක් හෝ පද්ධතියක් නොවන වග ඒත්තු ගන්වන්නට ලේඛකයා සමත් වෙයි.
බුහුටි බස් වහර මඟින් සූර ලෙස දිග හරින කතා පුවත අපේ හැඟීම් කුළු ගන්වා බුද්ධිය අවදි කරයි. ආනන්දයෙන් ප්‍රඥාවට ...!පාපොච්චාරණය. නම් වන පළමු නිර්මාණය තුළින් දේශිත ප්‍රමෝද් මහත් බලාපොරොත්තු දල්වන බව ද සඳහන් කළ යුතුය. තරුණ ලේඛක ආගමනය උදෙසා සුබ පැතුම් සමඟ නොනැවත නිර්මාණ කරණයේ නිරත වන්නැයි ඇරයුම් කරමි.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.