පරාස්ස
මම ජීවිතය කියවමි. එහෙත්, එය පහසු කාර්යයක් නොවේ. මම යළි, යළිත් කියවමි. නැවතීමේ ලකුණක්, කොමාවක් නැති ජිවිතය කියවීම කොතරම් අපහසුද ? අද නිරතුරුවම සිදුවන්නේ එයම නොවේද ? කවුරුත්, තම තමන්ගේ මෙන්ම අනුන්ගේ ජීවිත ද කියවති. එහෙත්, එය නිවැරදිව කියවා ගැනීම අපහසුය....!
"පරාස්ස" නවකතාවේ හැම පරිච්ඡේදයකම මුල, කියවීමට අපහසු ජීවිත කතාවක් මම ඔබට ඉදිරිපත් කරමි. එය වඩාත් පහසුවෙන් කියවා ගැනීමට හැකිවන සේ විරාම ලකුණු තබා වචන ඈත්කොට නැවතත් ලියා තැබුවෙමි.
ජීවිතය කියවන්න.
එය අපට දෙන දේ හා අපෙන් උදුරා ගන්නා දේ එදා, අද මෙන්ම හෙටට ද පොදු බව අත්විඳින්න.
බොහෝ දේ රැස් කරමින්, ඒ සමඟම තමන් තුළ තිබූ "හොඳ" යයි කියාගත හැකි දේ අහිමි කර ගනිමින් ; කිසිදා ලබාදිය නොහැකි ලොවක් මවා පෙන්වන සමාජයක; රාස්සයින් කන පරාස්සයින් දකින්නට ගත් උත්සාහයක ප්‍රථිඵලයයි..."පරාස්ස"
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.