Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / පාතාල ලෝකයේ නීතිය

පාතාල ලෝකයේ නීතිය

About this book

එක් චෞරයකු බිත්තියට තබා මුළු සිරුර පුරාම පරාල ඇණ ගසා එල්ලා තිබුණේය. ඔහුගේ මුහුණ සහ දෙනෙත් දුම්වැටිවලින් පුළුස්සා තිබූ අතර ශරීරයේ සෑමතැනම මුවහත් පිහියකින් තීරු තීරු ඉරි ඇඳ කපා දමා තිබිණි. ඔහු මිය ගොස් තිබුණේ අධික ලෙස ලේ වහනය වීමෙනි.

මිනිත්තු කිහිපයක් තුළ සිදු කළ ඒ මහා පරිමාණයේ කැසිනෝ මංකොල්ලයට චෞරයන් සිව් දෙනෙකු සහභාගි වූහ. හොර සංවිධානයේ නායක ෂේන් ලක්‍ෂ ගණනක මුදල් පිරවූ සම් බෑග් දෙකක් රැගෙන තමා බලාපොරොත්තුව සිටි පෙම්වතිය වෙත ගියේය.

බිහිසුණු අදිසි මිනීමරුවන් දෙදෙනකු මංකොල්ලයට සහභාගි වූ චෞරයන් එකිනෙකා ඝාතනය කිරීමට පටන් ගත් අතර, අවසානයේ ඉතිරි වූයේ ෂේන් පමණි.

ෂේන් ඉතා ශක්තිමත් සිරුරක් සහ දෙනෙතේ තියුණු බැල්මක් ඇති අතිදක්‍ෂ චෞරයෙකි. අපි මදුරුවකු මරා දමන්නාක් මෙන් මිනිසකු මරා දැමීම ඔහුට ඉතා ලෙහෙසි පහසු කාර්යයකි. ඔහු අතිශයින් බිහිසුණු මිනිසකු බව ඔහු ලුහුබැඳ ආ මිනීමරුවන් දෙදෙනා සිහිනෙකින් හෝ දැන නොසිටියහ.

ISBN
9786246451103
පිටු ගණන (Pages)
175
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: පාතාල ලෝකයේ නීතිය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.