Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / Pickpocket - පික් පොකට්

Pickpocket - පික් පොකට්

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

"රැඳී සිටියාට ස්තූතියි මහත්මයා.. මේ අකවුන්ට් එකෙන් විසි වෙනිදා, ඒ කියන්නෙ පෙරේදා.... ලක්ෂ හැට පහක මුදලක් විත්ඩ්‍රෝ කරල තියෙනවා අපේ මහරගම ශාඛාවෙන්.”

"ව...ට්..? වෙන්න බෑ. එහෙම විත්ඩ්‍රෝ කරන්නෙ කොහොමද? අනික ලක්ෂ පණක් දෙකක් වගේ තමා තිබුණෙත්.. සල්ලි ගන්න මං බෑන්ක් එකට ගියේත් නෑනෙ ළඟකදි..”

"ම්.. ඒ විත්ඩ්‍රෝ එකට කලින් ලක්ෂ දහ තුනක මුදලක් ඔන්ලයින් ට්‍රාන්ස්ෆ කරල ඩිපොසිට් කරලා තියෙනවා මේ අකවුන්ට් එකට. ඊට පස්සෙ තමා බෑන්ක් එකෙන් විත්ඩ්‍රෝ කරල තියෙන්නෙ..”

රෂිත විශ්මයෙන් කිසින් කියාගත නොහැකිව ගොළු වී සිටියේය.

"මොකක්..?

***

"එයා කියන්නෙ මට දුවන්න කියලද?”

ඔහුට සිතන්නට ඉඩ නොලැබිණි.

වේගයෙන් ඉදිරියට පිනූ මින්දාරා නිළදාරීන් දෙදෙනා මුහුණට මුහුණ ගැටෙන සේ ඇයට පිටුපා සිටින්නා හැකි වෙර යොදා තල්ලු කරේ මහ හඬින් කොළුවාට කෑ ගසමිනි.

"දු..ව..න්....න...”

ඒ හඬින් කොළුවාට තටු ලැබුනාක් මෙන් විය. මිනිසාගේ ග්‍රහණය බුරුල් වෙද්දී අත ගස්සා ඇදගත් ඔහු සැණින් එතැනින් අතුරුදන් වූයේ මින්දාරාට නැවතත් ස්මිත් සිහි කරවමිනි.

***

මහත්තයා ඔහු දෙසම බලා සිටියේය.

“කොල්ලා පික් පොකට් කාරයෙක්ද?”

"මූ මගෙ වැඩ කරන්නෙ නැති නිසා උගෙ සල්ලි ඌටම හොයාගන්න කියල මං කියල තියෙන්නෙ. ඕක තමා ඌ දන්න සාස්තරේ”

ISBN
9786249305403
පිටු ගණන (Pages)
245
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: Pickpocket - පික් පොකට්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.