Back to Top
සැඟවූ දියණි
Special Price
රු. 576.00
Regular Price
රු. 720.00
In stock
SKU
sagawu-diyani-nadee-gunathilaka-aratuwa-book-publishers
කඳුලු පිසදා ගෙන පහසු ඉරියව්වෙන් වාඩි වූ ඇය සිතුම්ගේ අත අල්ලාගත්තා ය. මේ කතාවේ සෑම තත්පරයකදීම හඬන්නට වන බව දත් හෙයින් ඇය අසල මේසය මත වූ ටිෂූ කඩදාසි කිහිපයක්ද ළඟට ගත්තාය. රත්නායක මහතා ඇඳ අසල පුටුවේ හිඳගත් අතර නිහාල් සිය බිරිඳගේ පා අද්දරින් යහනේ හිඳගෙන ඇයගේ දෙපා ඔහුගේ උකුල මතින් තබා පිරිමදින්නට වූයේ ඇයට ධෛර්‍යයක් වෙමිනි.
''මගේ නංගී.. නයනා.. ලස්සනම ලස්සනයි.. සුරංගනාවියක් වගේ.. කොණ්ඩෙ කර්ලි.. මුදු වගේ.. පැහැපත්.. හරිම අහිංසකයි.. කවදාවත් කාගෙවත් හිත රිද්දලා නෑ. සංවරයි.. රෝස මලක් වගේ හැඩයි. පිනි බිංදුවක් වගේ පිරිසිදුයි..” සිතුම්ගේ සිතේ ඒ රූපය ඒ අයුරින්ම මැවී ගියේ ය.
ඒ කාගෙ රුවදැයි ඔහු දත්තේ ය. එසේ වුවද ඇය මෙතැනට සම්බන්ධවන්නට ඉඩක් නැත.
| Author | නදී ගුණතිලක - Nadee Gunathilaka (4) |
|---|---|
| Publisher | අරටුව ප්‍රකාශන - Aratuwa Book Publishers (204) |
| ISBN | 9789557012247 |
|---|---|
| පිටු ගණන | 240 |
| දැනට මුද්‍රණයේ පවතී ද? | මුද්‍රණයේ පවති - In Print |
Write Your Own Review




