Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / සුහුඹුල්ව පියාඹන්න වරම් නොලද පිලව්

සුහුඹුල්ව පියාඹන්න වරම් නොලද පිලව්

About this book

''වින්දනයෙන් සහ සෞන්දර්යයෙන් ඇරඹෙන අසම්මත ප්‍රේම කතාවක,ආකාස්මික සෞන්දර්යයක වින්දනීය පරිච්ඡේදයක් මෙන්ම භීතියෙන් සහ කම්පනයෙන් යුතුව තොළ ගෑමට සිදුවන, හළා හළ විෂ බඳුනක් පිළිබඳ පරිච්ඡේදයක් ද ඇති බව මට වැටහුණී. 

මා දුටුවේ සිහින පමණි. මා දුටු සිහින සැබෑ ලොවේ දී නොව සිහින ලොවේ දී හෝ ඉටු වුයේ නැත. එහෙත් මා සිහින පසු පස හඹා යාම නවතා දැමුවේ ද නැත. සැබෑ ලොවේ දී ඉටුකර ගත නොහැකි වූ ආශාවන්, රහසිගත මායාවී සිහින ලොවක දී දිව ගා රස බැලිමි. ගැහැණියකගේ සිහින පිරිමි මනස තුළ පා දූවිල්ලක් තරම් හෝ සැලකුම් නොලබයි. රැඩිකල් ගැහැණූ ආත්මයකට පුරුෂ මූලික සමාජයක සිහින දැකීම ද තහනම් කාරණාවක් වන්නේ, සම්මත පිරිමි ආත්ම හමුවේ ජීව විද්‍යාත්මකව ගැහැනු ආත්ම දුර්වල යැයි සාම්ප්‍රදායික හංවඩු ගැසීම නිසාම නොව, සදින්ත වැනි පිරිමි ආත්ම හමුවේ නිරායාසයෙන්ම ගැහැනු ආත්ම හැකිළී පුංචි වන බැවිනි.

මා ''රාධා'' වූයේ සදින්තට පමණක් උරුම වූ ගැහැනිය වන්නටය. ඇය කිිසිඳු දිනක ලොව හමුවේ හෙළි නොවනු ඇතැයි මා සිතුව ද, සදින්තගේ ආත්මාර්ථකාමී පුරුෂ මමත්වය තමන් අභිබවා යනු ඇතියි සිතූ තවත් පිරිමි සිතක් කුඩු පට්ටම් කර දමන්නට එම නාමකරණය දරුණු ආයුධයක් බවට පත් කර ගත්තේ ය. 

සදින්ත තමා සතු බලවත්ම ආයුධයෙන් දික්පිටට පහර එල්ල කළ අතර එය දරා ගත නොහැකි වූ දික්පිට අතරමං වූ ළපැටියෙකු සේ හඬා වැටෙන්නට වූයේ බලය සහිත ගැහැනියක් වන්නට බලය හිමි මිනිසෙකු සමඟ නිදි වැදීම සෑහේ යැයි සිතූ මාගේ සිතුවිලි අලු දූලි බවට පත් කරමිනි.

ISBN
9786249237308
පිටු ගණන (Pages)
279
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: සුහුඹුල්ව පියාඹන්න වරම් නොලද පිලව්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.