පිණි පබළු
....මිනිහෙක් වශයෙන් මෙලොවදී ලබන හැම රසයක්ම, හැම වින්දනයක්ම, පසු - පස දුක වේදනාව සංතාපය කියන බලවේග අකාරුණිකව ලුහුබැඳ එනව.... ඒක අපි කාටත් පොදුයි. ඔයා අපි හැමෝටම වඩා හොඳින් එය තේරුම් ගෙන ගොඩක් ඉදිරියට ගිහින් තියෙන්නෙ නැවත ජීවිතය දිහා නොබලන්න. ඒ නිසාම ඔයා අද ඔයාටම වෙන් වූ ක්ෂේම භූමියක් කරා නිදහස්ව පිය නගනව......’
ඓතිහාසික පඬුවස්නුවර පුරවරයට අයත් දොරටියාගෙදර, මඟුලාගම නම් වූ සුන්දර ගම්මානයේ උපත ලද දිසානායක මුදියන්සේලාගේ මැණිකේ දිසානායක නම් වූ ඇය සිය රාජකාරී ජීවිතයේදී ඩී. එම්. එම්. දිසානායක නම් විය. කලාව සිය විනෝදාංශය කරගත් ඇය ඒ නිසාම මුද්‍රිත මාධ්‍ය හා විද්‍යුත් මාධ්‍ය තුළින් ජනතාව අතරට ගියේ මඟුලාගම මැණිකේ දිසානායක යන නාමයෙනි. දකින පෙනෙන ඇසෙන දැනෙන හැම දෙයක්ම තම පෑන් තුඩෙහි පහසට හසු කර ගනිමින් සිය ලේඛන කලාව තුළින් සමාජයට ඉමහත් සේවයක් සලසන ඇය දැනට රාජ්‍ය කළමනාකරණ නිලධාරිණියක ලෙස කුලියාපිටිය කලාප අධ්‍යාපන කාර්යාලයේ සේවය කරයි.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.