Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / පිණි පබළු

පිණි පබළු

About this book

....මිනිහෙක් වශයෙන් මෙලොවදී ලබන හැම රසයක්ම, හැම වින්දනයක්ම, පසු - පස දුක වේදනාව සංතාපය කියන බලවේග අකාරුණිකව ලුහුබැඳ එනව.... ඒක අපි කාටත් පොදුයි. ඔයා අපි හැමෝටම වඩා හොඳින් එය තේරුම් ගෙන ගොඩක් ඉදිරියට ගිහින් තියෙන්නෙ නැවත ජීවිතය දිහා නොබලන්න. ඒ නිසාම ඔයා අද ඔයාටම වෙන් වූ ක්ෂේම භූමියක් කරා නිදහස්ව පිය නගනව......’

ඓතිහාසික පඬුවස්නුවර පුරවරයට අයත් දොරටියාගෙදර, මඟුලාගම නම් වූ සුන්දර ගම්මානයේ උපත ලද දිසානායක මුදියන්සේලාගේ මැණිකේ දිසානායක නම් වූ ඇය සිය රාජකාරී ජීවිතයේදී ඩී. එම්. එම්. දිසානායක නම් විය. කලාව සිය විනෝදාංශය කරගත් ඇය ඒ නිසාම මුද්‍රිත මාධ්‍ය හා විද්‍යුත් මාධ්‍ය තුළින් ජනතාව අතරට ගියේ මඟුලාගම මැණිකේ දිසානායක යන නාමයෙනි. දකින පෙනෙන ඇසෙන දැනෙන හැම දෙයක්ම තම පෑන් තුඩෙහි පහසට හසු කර ගනිමින් සිය ලේඛන කලාව තුළින් සමාජයට ඉමහත් සේවයක් සලසන ඇය දැනට රාජ්‍ය කළමනාකරණ නිලධාරිණියක ලෙස කුලියාපිටිය කලාප අධ්‍යාපන කාර්යාලයේ සේවය කරයි.

ISBN
9789553840417
පිටු ගණන (Pages)
263
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: පිණි පබළු

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.