ප්‍රබන්ධ සම්බන්ධ
"එතකොට ඔයත් පොත් කියවන්න ආසද?" පොත් කියවීමට නොව මා ආසා පොත් පෙරළීමට ය. මේ අවස්ථාවේදීත් මා සූදානම් වන්නේ හොඳ පොතක් පෙරළීමටයි.
''ආ... ඔව්" මෙලෙස පිළිතුරු දුන්න ද මා මීට පෙර කියවා තිබුනේ ශ`ලොක් හෝම්ස් පොත් පමණි. එයින් ද බොහොමයක් ආතර් කොනන් ඩොයිල්ගේ ශ`ලොක් හෝම්ස් නොව චන්දන මෙන්ඩිස්ගේ ශ`ලොක් හෝම්ස් ය. මා ඒවා රසවින්දද නිරාජ්ට අනූව ඒවා ශ`ලොක් හෝම්ස් නොව දොරලොක් හෝම්ස් ය.
''මොන genres වලටද වැඩියෙන් කැමති?” අහෝ... මේ මා නොදන්නා වචනයකි.
''එහෙම එකක් නෑ...ඕන එකක් අවුලක් නෑ... '' මෑතකදී ප්‍රගුණ කළ ‘ගැළ විජ්ජාව' යොදා ගනිමින් මම පිළිතුරු දුන්නෙමි.
''මාත් ඕන එකක් ඒත් ficion විතරයි" මේ නම් මා දන්නා වචනයකි.
''ඔයා ගුරු ගීතය කියවලා තියෙනවද?” ඇගෙන් මා අමාරුවේ වැටෙන පැනයකි.
"නෑනේ.." මේ නම කලින් මා අසා ඇති නමුත් මා සිතා සිටියේ ගුරු ගීතය යනු ගුරුවරුන්ට කියනා සිංදුවක් බව ය.
''එතකොට මළගිය ඇත්තෝ?" මාගේ සායම සේදීයාමට ආසන්න වී ඇත. තව පොතක නමක් ඇසුවෝතින් වීමට වන්නේ මට ය.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.