ප්‍රභූ මැදුරේ මිනීමැරුම
ආතර් කාට්රයිට් නම් ධනවත් පුද්ගලයා අපරාධ
නඩු විෂයෙහි අතිදක්ෂ නීතිඥ පෙරී මේසන්
මහතා කරා පැමිණෙන්නේ ඔහු ලවා සිය අන්තිම
කැමැති පත්‍රය සකස් කර ගැනීමට සහ යාබද
නිවෙසේ සිටින ෆෝලි නමැත්තාගේ සුනඛයාගේ
උඩුබුරලීමෙන් තමාට සිදුවන මානසික පීඩාව
සඳහා කිසියම් නෛතික ක්‍රියාමාර්ගයක් ගැනීම
පිණිසය. තම සේවා දායකයා කිසියම් මානසික
ව්‍යාකූලභාවයකට පත්ව ඇද්දෝයි පෙරී
මේසන්ට සැක සිතුණද ඔහු කාට්රයිට් රජයේ
සහකාර නීතිඥයෙකු කරා කැඳවාගෙන යන්නේ
යාබද නිවෙසේ හිමිකරු වන ක්ලින්ටන් ෆෝලි
නමැත්තා ප්‍රබල ප්‍රතිවාදියෙකු යැයි හැඟී ගිය
බැවින් කිසි නෛතික ක්‍රියා පිළිවෙල අනුගමනය
කළ යුතු යැයි අවබෝධ වූ බැවිනි.
මේ අතර අත්තිකාරම් මුදලක් සහ අනුගමනය
කළ යුතු උපදෙස් සහිත ලිපියක් පෙරී
මේසන් හට එවීමෙන් පසු කාට්රයිට් අතුරුදහන්
වන්නේ අබිරහස් අයුරිනි. සිය සේවාදායකයාගේ
නිවසට යාබඳ ප්‍රභූ මැදුරෙන් හමුවන සියුම්
හෝඩුවාවක් පසුපස හඹායන පෙරී මේසන්
මෙම උභතෝකෝටික ගැටලුව විසඳා ගන්නේ
මහත් පරිශ්‍රමයකිනි. මේ එම ත්‍රාසජනක කතා
පුවතය.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.