ප්‍රාණාන්තර
එසේ සිදු කිරීමට හේතු තිබිණ. නිකන් නිස්කාරණේ ඔහුව ප්‍රතික්ෂේප කරන්නට මා හට උවමනා නොවීය. ඔහු කුඩා කල සිටම මා අපමණ ප්‍රතික්ෂේප කළේය. මට ළමාකාලය දුෂ්කර කළේ ඵ් හිතුවක්කාර දොස්තරය. ඔහුත් මාත් අතර වයස් පරතරය වසර අටක් බැවින් ඔහුගේ ගතිගුණ නිසාම කුඩා කල සිටම මා ඔහුගෙන් දුටුවේ දැවැන්ත පිරිම් ආත්මයකි. ඔහු පවසන්නේ සත්‍යක්ම වග මා දන්නේ කෙසේද?
ඔහු අතීතයේ හැසිරුණ ආකාරයට ඔහුගේ සිතේ මා උදෙසා ප්‍රේමයක් ඵල හට ගෙන ඇති වග දැනගන්නේ අංජනම් එළි වලින්ද? නමුත් අවාසනාවටම ඔහු පිළිබඳවම මට ප්‍රේමයක් ඉපැදීම පිළිබඳව දැන් තරහා මට මා සමඟය. ඔහු මා අකමැත්තෙන් සිපගෙන ඇත. කැමැත්තෙන් සිප ගෙන ඇත. ඒ මොහොතවල් වලදි ඔහුට ව්රුද්ධ වන්නට නොහැකි ලෙසින් ඔහු මා ඔහුගේ මායාදැලේ පටලවාගෙන ඇත. අවසානයේ වරදකාරිය ලෙස මරණ දණ්ඩනය උරුමව ඇත්තේ ඔහුගේ දුර්ජන කාර්යයන් සේරෝම ඉවසු මටය. මේවා මහම මහා අසාධාරණ නඩු තීන්දුය. නමුත් නඩුකාර උන්නාන්සේ ඔහුය. නඩුවත් ඔහුගේය. අධිකරණයන් ඔහුගේය.
හිතවත් පාඨකය.
සේරෝම තේජස් ඉන්දීවර රන්දෙණිගලගේය.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.