ප්රේම ආරාම
අපේ මේ ජීවිතේ කියන්නෙ නිවන කියන ගමනාන්තයට යද්දි මේ සංසාරෙ හම්බෙන එක අම්බලමක්, නවාතැන්පලක් විතරයි. ඉතින්, හිතලා බලන්න. අම්බලමක් ගත්තම විවිධාකාර මිනිස්සු ගිමන් හරින්න අම්බලමකට ගොඩවෙනවා. ඒ විදිහටම තමයි අපේ ජීවිතේටත් නානාප්රකාර මිනිස්සු එනවා යනවා. සංසාරෙ අපිට පියවන්න තියෙන මොකක්මහරි ගනුදෙනුවක් පියවන්න තමයි ඒ හැම කෙනෙක්ම එන්නෙ. ඉතින් හමුවීම්, වෙන්වීම් කියන දේවල් මේ අස්ථිර ජීවිතේට නුහුරු නුපුරුදු දේවල් නෙමෙයි.
අපි බලාපොරොත්තු වෙන්න ඕනි දේවල්. සසර ගනුදෙනු ඉවර වෙනකන් ඒ මිනිස්සු අපි එක්ක එකට ඉන්නවා. ඒ හැම කෙනෙක්ටම යන්න කාලයක් එනවා. මේ ලෝකෙ නිත්යයි කියන්න පුළුවන් කිසිම දෙයක් නෑනෙ අසේයා. ඉතින්, බැඳීම් කියන්නෙත් අනිත්ය දෙයක් තමයි. ඒක තේරුම් අරන් ජීවත් වෙන එක අමාරුයි තමයි. ඒත් හිත ටිකෙන් ටික ඒකට පුරුදු කළොත් බැරි නැහැ. ආදරේ කියන්නෙ ගැට ගහලා, බැඳලා, හිරකරලා අපි ළඟ තියාගන්න පුළුවන් දෙයක් නෙමෙයි කියලා තේරුම් ගන්නෙ නැති තාක් කල් අපි ඒකෙන් සෆර් කරනවා. හැබැයි ඒක තේරුම්ගත්ත දවසට අපිට සැහැල්ලුවක් දැනෙනවා. හොය හොය හිටපු නිදහසක් ලැබුණා වගේ, අසම්පූර්ණ වෙලා තිබුණ පසල් එකක් සම්පූර්ණ වුණාම වගේ හැඟීමක් ඒක.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.