Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / ප්‍රේම මාත්‍ර

ප්‍රේම මාත්‍ර

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

ඔබ මේ අතට ගත් රසවත් නවකතාව ආදරය තේමා කරගත්තක් වූවත් ප්‍රේමයක් නම් විවාහයෙන් හෝ වියෝගයකින් නිම විය යූතු යැයි පවත්නා පොදු අදහසට එරෙහිව යන්නකි. ඒ සුපුරුදු රාමුවෙන් පිට පනිමින් දේශය. වර්ණය සහ වර්ගය ඉක්මවා ගිය ප්‍රියංකර ආදරයක් නොසිතූ මඟකට ටිකඝිත වන ආකාරය මෙහි දැකගත හැකි ය.

ටියුරින් අබේවික්‍රම මහත්මිය විසින් නිර්මිත මේ වෘත්තාන්තය ලංකාවේ සහ ඔස්ට්‍රේලියාවේ සංස්කෘතීන් විනිවිද විසිර යන්නේ ප්‍රමෝදජනක විලාසයකිනි. යථාරූපී ප්‍රේම වෘත්තාන්තයක සමෝච්චරේඛා අතුරින් මතුවන රූපන සමූහය ජීවිතයේ නුපුරුදූ පැතිකඩක් අප හමුවේ චිත්‍රණය කරයි. එහි ප්‍රියංකර ප්‍රථිඵලය වන්නේ පොත කියැවූ පසු සහෘදයන්ගේ ජීවන විචක්ෂණය අපූර්ව ආකාරයකින් වර්ණවත්ව ප්‍රබල වීමය."

මහාචාර්ය චන්දිම විජේබණ්ඩාර

 

"ඇය නිරතුරුව රැඳී පවතින්නේ ආගමික සන්දර්භ ප්‍රවර්ගයේයි. එමගින් ජීවිතයේ දු:ඛ පක්ෂය පිළිබඳ විමසා බැලීම ඇගේ අරමුණයි. ඒ සඳහා උචිත බස්වහරක් ද මේ දිගු නිර්මාණ ජීවිතය සමඟ ඇය වගා කරගෙන තිබෙන බවක් ද පෙනේ. ප්‍රේම මාත්‍ර හරයෙන් ද ගුණයෙන් ද හැඩයෙන් ද ඇගේ සෙසු නවකතා ඉක්මවා සිටිනු පමණක් නොව ඇගේ නිර්මාණ ජීවිතයේ නවතම අදියරක ආරම්භයක් ලෙසද හැඳින්වීමට සතුටු වෙමි."

ISBN
9786245815012
පිටු ගණන (Pages)
285
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ප්‍රේම මාත්‍ර

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.