ප්‍රේමයේ මිහිදන් මතින්
තද දුඹුරැ පැහැති දැව පෙට්ටියේ පියන් සෙමි සෙමින් වැසී ගියේය. සුසාන භූමිය පුරාම මහා අදෝනා හඬවල් ඇසුණි. ඉදින් කිසි දිනෙක යළි හමු නොවන ලෙසට ඔහු අවසන් ගමන් යන්නට සූදානමින් ය. මේ දිවියේ නැවත කිසි දිනෙක ඔහු හමු නොවන බව දැනෙන විට, හැඟෙන විට හදවත පුපුරා යන්නට තරම් දුකක් වේදනාවක් දැනුණේය. ඔහු නිදා සිටි දැව පෙට්ටිය සෙමි සෙමින් පොළව තුළට බස්සමින් සිටියේය. මම දෑස් තද කොට පියා ගත්තෙමි. එක කඳුළු බිඳක් මා දෙනෙතේ නොවීය. දෑස් පිළිබඳ විසල් වෛරයක් මා සිත තුළම දලුලන විට රිදෙන තරමටම මම දෑස් පොඩි කරගත්තෙමි.
මම ආපසු හැරැණෙමි, ඔහු පොළොව තුළ මිහිදන් වනු මට තවත් බලා සිටිය නොහැකි තැන මම අනෙක් පස හැරුණෙමි. පෙර කී කාන්තාවගේ දෑත් රැහැනෙන් මිදී පිරිස අතරින් විරුද්ධ දෙසට වේගයෙන් පියවර තැබුවෙමි. ඉදින් ආදිත්‍ය නුගේරා මා ප්‍රථම ප්‍රේමය යළිත් නොඑන්නටම අවසන් ගමන් ගියේය. නැවත කිසි දිනෙක හමු නොවන ලෙසට මගෙන් වෙන් වූයේය. “මගෙ බෝනික්කි” යන ආදරණීය හඬ යළිදු කිසි දෙනෙක මා සවනත නොවැකෙනු ඇත. දුඹුරැ දෑසින් බලනා එක් ආදරණීය බැල්මක්වත් මා දෙසට නැවත නොවැටෙනු ඇත. වයසට යන තෙක් මා සමීපයේ රැඳෙන බවට පොරොන්දු දුන් ඔහු ජීවිතය අතරමඟින් මා දමා යන්නේය.
අනේ... ඒ දුඹුරැ දෑස් යළි කිසි දිනෙක නැවත දකින්නට නොලැබෙන බව දැනෙන විට ඇති වන්නේ මරණීය වේදනාවකි. පපුව හිර කරන්නේය. හිස කැරකෙන්නේය. අවසන් සුසුම් පොද මේ භූමිය තුළම පිට වෙතැයි සිතන තරමටම මම ඇතුළතින් පුපුරා යමින් සිටියෙමි. තවත් දැරිය නොහැකි තැන මම හිස දෑතින්ම බදාගත්තෙමි.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.