රළු මුහුද
"මන්ත්‍රීතුමා, මේ චාල්ස් විජේවර්ධන කියන්නේ හොඳට ඇඟ පත තිබුණට අතින් පයින් නෙමෙයි, ඔලුවෙන් ගේම් දීපු මිනිහෙක්. මං අද මෙතන ඉන්නේ ඒ හින්දයි. ඒක නිසා මන්ත්‍රීතුමා මං ගැන බයවෙන්නෙපා.."
"විජේගෙන් මං බලාපොරොත්තු වෙන්නෙත් එච්චරයි."
"අවුරුදු විසි පහක් ගේම් ගැහුව මට මේක ඒ තරං අමාරු දෙයක් නෙවෙයි."
"සරෝජනී කියන්නේ ඔයාද?"
"ඔව් මම තමයි සරෝජනී. ඔයා කොහොමද මාව දන්නේ?" සරෝජනී කුතුහලයෙන් ඇසුවාය.
"ඔයා රංජුලාද?" සරෝජනී සෙමෙන් ඇසුවාය.
"ඔව් මං රංජුලා. ඔයා ඇයි රවී අයියට ආදරය කළේ?" පුවත්පත් වලින් සරෝජනී ගැන දැනගත් දා සිට රංජුලාගේ සිත තුළ මේ ප්‍රශ්නය දෝංකාර දෙමින් දෙමින් තිබිණ.
"ඇයි ඔයා රවීන්ද්‍රට ආදරය කළේ?" සරෝජනී පෙරළා ප්‍රශ්න කළේ පුවත්පත් වල පළවී තිබුණු විස්තර සිහිපත් වූ බැවිනි.
"මං කෙළින්ම මෙහාට එන්න තීරණය කළේ ඔයාව මතක් වෙච්ච හින්දයි... මං දැනගත්තා මේ වෙලාවේ මට ආරක්ෂාව ලැබෙන්නේ ඔයාගෙන් කියලා..."
එවර සරෝජනී රවීන්ද්‍ර දෙස බැලුවේ සිතපුරා නැගී එන සෙනෙහසින් යුතුවය. ඇගේ සිතැඟි වටහාගත් නිසාදෝ රවීන්ද්‍ර ඈ දෙස බලා මදහසක් පෑවේය.
විජේවර්ධන පිටවී යනතුරු නිහඬව සිටි රවීන්ද්‍ර, වහා සුනිල් දෙසට හැරුණේය. සුනිල් විස්මිත දෑස් දල්වාගෙන රවීන්ද්‍ර දෙස බලා සිටියේය.
"උඹ කොහොමද මේකට ගෑ වුණේ?"
"මටත් අහන්න තියෙන්නේ ඒකම තමයි..."
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.