Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / රතු හිතුවක්කාරයා

රතු හිතුවක්කාරයා

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

දෙවන මහා ලෝක යුද්ධයෙන් පසුව ලෝක දේශපාලන වේදිකාවට ටිටෝ අවතීර්ණ වන තුරුම, කොමියුනිස්ට් දහමට අනුගත වූ ජාතීන් ගත කළේ මොස්කව් පාලනයේ කැමැත්ත අනුව ක්‍රියාත්මක වන ඒකාකාරී ජීවන රටාවන්ය. ඒකාකාරී පාලන ක්‍රමයන් ය. රුසියානු ආඥාදායකයා වූ ජෝෂප් ස්ටාලින් යුගෝස්ලෝවියාව කෙරෙහි නොමඳව බලපෑම් කළ ද, ටිටෝ තම හිතුවක්කාරකම් ප්‍රකට කරවමින් සමාජවාදය කරා යාමට වෙනස් මගක් ගනිමින්, කොමියුනිස්ට් ලෝකයේ පදනම් දෙදර විය.

ටිටෝගේ එම ක්‍රියාමාර්ගය නැගෙනහිර යුරෝපයේ ප්‍රතිශෝධනවාදයට මග පෙන්වීය. සෝවියට් රුසියාවේ හා රතු චීනයේ බෙදීමට සම්මාදම් විය. සියලුම කොමියුනිස්ට් රටවල් එකම බෝට්ටුවේ යැයි බටහිර පැතිර ගොස් තිබුණු වැරදි ආකල්පය ඉවත්කරලීමට ඔවුන්ට ඉගැන්වූයේ ටිටෝයි, එපමණක් නොව, ඔහු ලෝක දේශපාලනයේ නව මාවතක් විවර කරමින්, තෙවෙනි බලවේගයකට මග පෑදුවේ ය. අමෙරිකාව හා සෝවියට් දේශය යන ලෝක බල කඳවුරු දෙකටම අයත් නොවන නොබැඳි ජාතීන්ගේ එකමුතුවකට පුරෝගාමී වූයේ ය.

යුද ජයග්‍රහණයක් දී මුළු ලොව සමග ම අපත් විනාශ වී යනවා නම්, එවැනි යුද ජයග්‍රහණයන්ගෙන් ඇති පලය කුමක් ද? බටහිර ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රතිපත්තීන් රැකගැනීමේ දී ලෝක සාමය අනතුරකට ලක් නොකොට ඒ සඳහා වෙනත් මං පෙත් සෙවීම, නුවණට හුරු වෙයි. ලෝකය සාමකාමීව බෙදාහදා ගැනීමට කොමියුනිස්ට් හෝ කොමියුනිස්ට් නොවන හෝ පාලන ක්‍රම බාධාවක් නොවිය යුතු බව ටිටෝ තරයේ පවසා සිටියේ ය.

සංකීර්ණ වූ අද ලෝකයේ, දේශපාලන කටයුතුවල දී වඩාත් විවෘත මනසකින් යුතු වීමෙන්ම යථාර්ථය අවබෝධ කරගන්නා, නව අදහස්වලින් සපිරි ලෝකයක් සඳහා විප්ලවකාරී චරිතයක් වන යුගෝස්ලෝවියාවේ මාෂල් ටිටෝ වැන්නවුන් වඩාත් අවශ්‍ය වෙයි. ටිටෝගේ චරිතය අධ්‍යයනය කිරීමෙන් කොමියුනිස්ට් ක්‍රමයේ ඇති දුර්වලතා අපට අවබෝධ කරගත හැකි වනවාක් මෙන්ම, අධිරාජ්‍යවාදීන්ගේ ග්‍රහණයට නතුව අතොරක් නැති දුක් පීඩා විඳි රටවල ජනතාවට එමගින් ඇතිකරවන ජාති හිතෛෂී හැඟීම් පිළිබඳව ද වටහාගත හැකිය.

ISBN
9789553309396
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: රතු හිතුවක්කාරයා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.