රතු මුතු කුඩ

Special Price රු. 342.00 Regular Price රු. 380.00
Out of stock
SKU
rathu-muthu-kuda-prashanthi-renuka-senarath-publication

මම දෙනෙත් හැර වටපිට බලද්දී රතු මුතු කුඩය පමණක් මගේ හුදෙකලාව මකමින් අසල තිබිණි.මම ජනෙල් පියන් පත් හැර තැබුවෙමි මල් සුවඳ දවටා ගත් සුළඟ මගේ කුටියට ද එබෙනු දැනේ. ඒ සුවදේ දැවටී ආදිත්‍යගේ සුවඳ ද මගේ කුටියට එබිකම් කරයි. නමුදු මල් සුවඳත් ආදිත්‍යගේ ජීවන සුවඳත් වෙන් වෙන් ව හඳුනා ගන්නට මට පුළුවන. ඒ මා ඔහුගේ ම ආත්මයේ කොටසක් වන නිසාය. ආදිත්‍ය මගේ ම දැයි විටෙක මම මගෙන්ම අසමි. එයට විශ්වාසනීය පිළිතුරක් ම හිතෙන් මට නොලැබේ. එහෙත් මා ජීවත් වන්නේත්, සැනසෙන්නේත්, මේ විශ්වයේ වූ අපූර්වත්වය ස්පර්ශ කරන්නේත් ඔහුගේ ම දෙනෙතිනි. ආදිත්‍ය මගේ ජීවිතයට සුවිශේෂී වන්නේ ඒ නිසාය. එහෙත් ඒ සුවිශේෂත්වය විස්තර කිරීමට මට නොතේරේ. නමුදු මම එක් දෙයක් පසක් කොට ගත්තෙමි. ඒ මේ ලොව ඇති අපූර්ව ම, සුන්දර ම දේ වන්නේ තේරුම් කර ගැනීමට නොහැකිම දේ බවය

Author ප්‍රශාන්ති රේණුකා - Prashanthi Renuka (1)
Publisher සෙනරත් ප්‍රකාශන - Senaratha Publication (4)
More Information
ISBN 9789551887452
පිටු ගණන 180
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:රතු මුතු කුඩ
Back to Top