රතු මුතු කුඩ
මම දෙනෙත් හැර වටපිට බලද්දී රතු මුතු කුඩය පමණක් මගේ හුදෙකලාව මකමින් අසල තිබිණි.මම ජනෙල් පියන් පත් හැර තැබුවෙමි මල් සුවඳ දවටා ගත් සුළඟ මගේ කුටියට ද එබෙනු දැනේ. ඒ සුවදේ දැවටී ආදිත්‍යගේ සුවඳ ද මගේ කුටියට එබිකම් කරයි. නමුදු මල් සුවඳත් ආදිත්‍යගේ ජීවන සුවඳත් වෙන් වෙන් ව හඳුනා ගන්නට මට පුළුවන. ඒ මා ඔහුගේ ම ආත්මයේ කොටසක් වන නිසාය. ආදිත්‍ය මගේ ම දැයි විටෙක මම මගෙන්ම අසමි. එයට විශ්වාසනීය පිළිතුරක් ම හිතෙන් මට නොලැබේ. එහෙත් මා ජීවත් වන්නේත්, සැනසෙන්නේත්, මේ විශ්වයේ වූ අපූර්වත්වය ස්පර්ශ කරන්නේත් ඔහුගේ ම දෙනෙතිනි. ආදිත්‍ය මගේ ජීවිතයට සුවිශේෂී වන්නේ ඒ නිසාය. එහෙත් ඒ සුවිශේෂත්වය විස්තර කිරීමට මට නොතේරේ. නමුදු මම එක් දෙයක් පසක් කොට ගත්තෙමි. ඒ මේ ලොව ඇති අපූර්ව ම, සුන්දර ම දේ වන්නේ තේරුම් කර ගැනීමට නොහැකිම දේ බවය
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.