Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / Rhythm of Living - රිදම් ඔෆ් ලිවින්

Rhythm of Living - රිදම් ඔෆ් ලිවින්

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

අර්ථනායක නිවසේ ඉසිවර ද උන්නේ අවදියෙනි. කවි ගී ගයනා, කතා දිග හරිනා සිනහවෙන් හැඩ වු කිඳුරිය නොමැතිව මන්දිරයම පාළුවට ගොස් ඇති සෙයකි. කාලය සෙමෙන් ගමන් කරනා ලෙසින් හැඟේ. වදන් සීමිත ප්‍රමාණයක් පමණක් හුවමාරු කර ගෙන ඇති මනුෂ්‍ය ප්‍රාණියෙක් පැය හතළිස් අටක් පමණ නිවසට නොපැමිණි විට මෙතරම් පාළුවක් දැනෙන්නේ කෙසේ දැයි ඔහුට සිතාගත නොහැක.

යම් පරිවර්තනයක් සිදු වෙමින් පවතිනා වග දැනුණද ඔහු එක් අතකින් එයට බිය විය. අනෙක් පසින් එයට ලොබ බැන්දේය. තව පසෙකින් මුහුණ දීම මග හැරියේය. සිතුවිලි සුලභව අන්ත දෙකක් අතර දෝලනය වෙමින් පැවතිණ. ඔහුගේ භාවයන් ඒ අනුව දෝලනය විය. හැඟුමන් නිශ්චිතව හඳුනා ගැනුම ඉදිරියේ ඔහු පසු බැස්සේය. වෙනතක බලා ගත්තේය.

ISBN
9789557012490
පිටු ගණන (Pages)
720
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: Rhythm of Living - රිදම් ඔෆ් ලිවින්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.