සාත්‍රා
"මේ අර මට බැණ බැණ හදපු කොෆි එක වෙන්නැති නේද?” ඔහු ඇසුවේ අතින් ඇද මාව ඔහු අසලට ගනිමිනි. "මට සිංහල කතා තවම Chota Difficult. But, මේ මැල්ලූමා කියන දේ හොඳට ඉයර් එකට දාගන්නවා” ඔහු මගේ කන සිහින්ව මිරිකමින් පැවසුවේ දැඩි හඬකිනි. තවමත් මේ මැල්ලුමාගේ ගුප්ත ගති නම් නැතිවී නොමැත. මා මුව ඇදකරගෙන සිටියදී ඔහු අත්ල තැබුවේ මගේ කම්මුලක් මතිනි. අනිත් අතේ ඇඟිලි තුඩු මගේ නළල මධ්‍යයේ ගෙන ගියේ මෘදුවය. ඔය පාර මගේ නළල අතුල්ලලා අතුල්ලලාම ගෙවිලා යනවා..
ඒ අතරම මට සිතුණි.
"එදා මතකද මාව දැකපු ෆස්ට් ඩේ එක..මං අකිල්ට කෑගහද්දි බය වෙලා හිටියේ” ඔහු සිංහලෙන් පවසන්නේ නැවති නැවතීය.
ඒ දවස මට මතක් වී මම හිස වනද්දි ඔහුගේ මුවග ඇඳුණේ සිහින් සිනහවකි.
"එදාට වඩා දැන් ලස්සනයි... එදාම තමා මෙතනට ෆීල් වුණේ” ආර්ය එක අතක් තබාගත්තේ ඔහුගේ ළය මතයි.
Details
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.