සැඩ හිරු
කළු ගලක් ඔව් කිසිම හැඟීමක් දැනීමක් නොතිබ්බ තනි කළු ගලක් උඹ ඉටි පන්දමක් ගාණට දිය කරලා දැම්මේ එහෙව් එකෙක් මැණික උබ මගේ ලෝකෙට ආවේ හදිස්සියෙන් වාගේ ඒකත් මගේ අකමැත්තෙන් මම උඹට වෛර කළා නොසෑහෙන්න වෛර කළා හැබැයි දන්නවද රත්තරන් උඹේ අහිංසක හිනාව ඇස් අස්සේ පිරිච්ච උණු කදුළු අහම්බෙන් වගේ දැනුණු ඔය ගෑනු පපුවෙ උණුහුම මාව දිය කරලා ම දැම්මා හැඟීම් දැනීම් නැතිව උන්න මාව කෝටි ප්‍රකෝටි ගණන් හැඟීම්වල පෙඟෙව්වා ඉතින් මගේ අසෙලියා මල මං උඹට වෛර කලාටත් වැඩියෙන් ඊටත් වඩා තදට උබට ආදරෙයි ඔව්.මේ දුනිත් අක්ෂර දුණුසිංහගේ පණ හුස්ම කොටින්ම කිව්වොත් මුළු ආත්මයම ඔයා මගේ අසෙලියා මල ඉතින් ආදරෙයි හුස්මක් හුස්මක් ගාණෙම මේ ආත්මෙ දි විතරක් නොවෙයි මගෙ මැණික සංසාරෙ කෙළවරකින් නවතින තුරුම
-දුනිත් අක්ෂර දුණුසිංහ-
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.