සඳ නිදි නෑ
''අතින් අල්ලන් හිටපු මිනිස්සු හිතින් අල්ලන් ඉඳල නෑ කියල දැනුණු තප්පරේම අපිත් අත් අරින්න ඕන ලිහිණි. නැත්තං අපිට අපිවත් නැතිවෙනවා. මං එදා බෝධියට පඬුරු දාලා ජීවිතේ අලුතින් පටන් ගත්තා. අර පිරෙන දුරුතු හඳ පල්ලා... කවදහරි කණ්ඩලමෙ ලස්සනටම හිනාවෙන කෙල්ල මම වෙනවාමයි.''
- නිසාකි සඳමායා සමරතුංග -
''මයෙ කොල්ලා කැළේට දක්කලා.. ගෑනු දෙන්නෙක් විතරක් ඉන්න ගෙදෙට්ට පැන්න පිරිමිංගෙ පිරිමිකං හොඳා පොල් පිත්තකිං කපන්නට. වටේ හක්කලං කොරන්නෙ.. චංඩිනං වරෙල්ලා දොරපලුව බිඳ ඇතුළට. කැතිගානවා එකෙක් නැර. හිතාන ඇති උන්නෙ චංඩිකං ඔලට රෙද්ද බුරුල් කොරන අනෙක් ගෑනු වගේ කියල මෙහෙත්..''
- උපුලි අම්මා -
''කිරි බොන කාලෙ එයාව අත් ඇරලා දාලා ගිය අම්මට වෛර කරන හිරු අයියා, කවදහරි එයාගෙ අම්මගෙ අබිරහස විසඳගනීවි සාකි අක්කා.. එදාට එයා තේරුම් ගනීවි මං එයාට කොච්චර ආදරේ කරාද කියල. එයා ගැන කොච්චර හිතුවද කියල ''
-ලිහිණි -
Details
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.