Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / සඳ සේයාවී

සඳ සේයාවී

About this book

"හැබැයි මං අද කිව්වා කියලා හොඳට මතක

තියාගන්නවා නිහංසා.. කවදාහරි දවසක ඔය මුරණ්ඩුකම

ගැන තමුසෙටම පසුතැවෙන්න වෙයි.. පොඩ්ඩක් නෙවේ.. මහ

ගොඩක් පසුතැවෙන්න වෙයි.."

 

ඔහු ඉදිරියට නැවී  දිගුකල දබරැඟිල්ල ඇගේ නාසයේ 

ගෑවෙන නොගැවෙන තරමට ළං කර රළු ස්වරයෙන් 

පවසන්නේය..

 

මෙතෙක් වේලාවක් හිරකරගෙන උන්නු කඳුළු වාන්

දමන්නාසේ ඇගේ දෑසින් කඬා හැලෙන්නෙ ඔහුගෙ ඒ

වදන්වල බරට.. නිහංසා දෙවරක් නොසිතාම දෑතම ඔහුගෙ

බඳවටා දමා ඔහුගෙ වතට බරවන්නෙ ඉකිබිඳිමින්ම..

 

"බබා..." විමතියෙන් මුමුණන ඔහු ඇගේ නළලත මත 

දෙතොල තදකරන්නෙ අපමණ සෙනෙහසකින්..

 

ඇය ඔහුගෙ පපුතුරේ හිස හොවාගෙන ඉකිබිඳිද්දි ඔහු 

තම දෑඟිලි සීරුවට ඒ හිසකෙස් අතර එහෙමෙහෙ ගෙන

යන්නෙ නිහඬවම.. ඔහුගෙ දෙතොල් නම් කීප වරක්ම ඒ

නළලත මත රැඳෙන්නෙ දරාගත නොහැකි තරමෙ

සෙනෙහසකින් කේශරගෙ හදවත පිරී

යද්දි... විනාඩි දහයක් පමණ ගෙවී යන්නෙ එලෙසටම..

 

"කවදක හරි පසුතැවෙන්න වුණත් මගේ තීරණේ

වෙනසක් කරන්න බෑ නිම්නාද හාමු.. මේ විනාඩි දහය

ජීවිත කාලෙටම ඇති මට.." ඇය ඔහුගෙන් මෑත් වී

පිටිඅත්ලෙන් කඳුළු පිසදමමින් පවසන්නීය..

Details
ISBN
9786245409242
පිටු ගණන (Pages)
452
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review

You're reviewing: සඳ සේයාවී

Reviews are published once a member of our team has read them.