“අපි අපිට ගැළපෙන අත්තක් අල්ල ගන්ඩ ඕන මද්දු...උඹේ හිතේ ඔය දොස්තර නෝනා ගැන මොකවත් තියෙනවා නං.. දැම්ම ඇතෑරගනිං.. නැත්තං නිස්කාරණේ පස්සෙ දුක් විඳින්ඩ වෙයි..”
“අනේ මං දන්නෑ අම්මේ... ආශාවරියි මායි හොඳ යාළුවෝ... එයා කාත් කවුරුත් නැති අසරණ..අහිංසක ගෑණු ළමයෙක්.. මං එයාට උදව් කරනවා..එච්චරයි... හිත හැදුන දවසක කවදහරි එයා එයාට හොඳයි කියලා හිතුණ කෙනෙක්ව බඳියි..මං එයාගෙ හොඳම යාළුවා... මං එයාට උදව් කරනවා..එච්චරයි.. යාළුකමට ගොවියද..හිඟන්නද.. කම්කරුවද..නීතිඥයද ඔය තරාතිරම් නෑනේ..”
ඉසුරු, ඒ ටික කීවේ දිගු කල්පනාවකිනි. තම මව අවසන් වරට කළ ප්‍රකාශය ඔහුගේ හදවත පතුලේ නිදන්ගත වූයේ ඔහු ද නොදැනීම ය.
“ප්‍රශ්නයක් නැත්තං.. ප්‍රශ්නයක් මවාගෙන හරි දුක් විඳින්න අපේ අම්මත් හරි දක්ෂයි..ඔය ඔක්කොම විකාර ඔළුවෙ දාගෙන දුක් විඳින්න එපා අම්මේ..”
Details
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.