සමුද්‍ර

Special Price රු. 960.00 Regular Price රු. 1,200.00
In stock
SKU
samudra-dilukshi-handapangoda-sithuwili-publications

රාම් සහ සෙනරත් නොදැන උන්නාට මේ මොහොතේ පිටත පරිසරයේ මහා කැළඹීමක් සිදුවෙමින් තිබුණි. මහා සමුද්‍රය වෙනදාටත් වඩා ප්‍රචණ්ඩ ලෙස රළ පහර ගොඩබිම දෙසට ගසා එව්වේය. පන්දම් දෙකම පසෙකින් තැබූ සෙනරත් පෙට්ටිය තුළ වූ ආභරණ අතපත ගාන්නට වූවේය.

“අපි දැන් පෝසත්....“

රාම් ද තණ්හාවෙන් හිස වැනුවේ ය. ආභරණ අතරේ වූ කුඩා රන් පැහැති බෝතලය අතට ගත් සෙනරත් එය හරව හරවා බැලුවේය.

“මේ මොකක්ද....?

සෙනරත් එය විවර කළේ ය. ඇතුළත හිස් බැව් දුටු සෙනරත් එය යළි පෙට්ටියටම දමා ආභරණ එකින් එක අතට ගෙන බලන්නට වූවේ ය.

ප්‍රචණ්ඩ සාගරය එක දිගට ගොඩබිම වෙත එවූ සත්වන රළ පහර සමඟම කන් අඩි පුපුරා යන තරමේ අකුණු පහර කිහිපයක් ගැසුවේ ය. ඒත් සමඟම යමක් සිදුවිය. මහා සමුද්‍රයේ සිරවී උන් එක් ආත්මයක් නිදහස් වී සිය අරමුණක් වෙනුවෙන් ගොඩබිම දෙසට ඇදී එමින් සිටියේ ය. මුහුදේ සිට ගොඩබිමට එන ඒ දුමාරය පියවි ඇසින් කිසිවෙකුට නොපෙනුණත් දේවාලයේ සිටී ගෝපාල්ගේ තෙවන ඇසට දර්ශනය විණි. ගෝපාල්ගේ මුවේ මන්දස්මිතයක් ඇදිණි.

“ඔහු නිදහස් වුණා උත්තමාවියනි"

“මට එය දැනෙනවා ගෝපාල්”

රුද්‍රා උතුරා යන ප්‍රීතිමත් හඬින් කීවාය. ඉතින් දැන් වසර දහස් ගනණාවක් පුරාවට බලා සිටි සියල්ල විසඳා ගැනීමට හැකිවනු ඇත. එකී සතුටින් සිත පුරවාගත් රුද්‍රා යාන්තමින් දෙතොල් සොලවා තම සොහොයුරාට ආමන්ත්‍රණය කළා ය.

Author දිලුක්ෂි හඳපාන්ගොඩ - Dilukshi Handapangoda (3)
Publisher සිතුවිලි ප්‍රකාශන - sithuwili publishers (47)
More Information
ISBN 9786245673339
පිටු ගණන 247
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:සමුද්‍ර
Back to Top