Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / සමුද්‍ර

සමුද්‍ර

About this book

රාම් සහ සෙනරත් නොදැන උන්නාට මේ මොහොතේ පිටත පරිසරයේ මහා කැළඹීමක් සිදුවෙමින් තිබුණි. මහා සමුද්‍රය වෙනදාටත් වඩා ප්‍රචණ්ඩ ලෙස රළ පහර ගොඩබිම දෙසට ගසා එව්වේය. පන්දම් දෙකම පසෙකින් තැබූ සෙනරත් පෙට්ටිය තුළ වූ ආභරණ අතපත ගාන්නට වූවේය.

“අපි දැන් පෝසත්....“

රාම් ද තණ්හාවෙන් හිස වැනුවේ ය. ආභරණ අතරේ වූ කුඩා රන් පැහැති බෝතලය අතට ගත් සෙනරත් එය හරව හරවා බැලුවේය.

“මේ මොකක්ද....?

සෙනරත් එය විවර කළේ ය. ඇතුළත හිස් බැව් දුටු සෙනරත් එය යළි පෙට්ටියටම දමා ආභරණ එකින් එක අතට ගෙන බලන්නට වූවේ ය.

ප්‍රචණ්ඩ සාගරය එක දිගට ගොඩබිම වෙත එවූ සත්වන රළ පහර සමඟම කන් අඩි පුපුරා යන තරමේ අකුණු පහර කිහිපයක් ගැසුවේ ය. ඒත් සමඟම යමක් සිදුවිය. මහා සමුද්‍රයේ සිරවී උන් එක් ආත්මයක් නිදහස් වී සිය අරමුණක් වෙනුවෙන් ගොඩබිම දෙසට ඇදී එමින් සිටියේ ය. මුහුදේ සිට ගොඩබිමට එන ඒ දුමාරය පියවි ඇසින් කිසිවෙකුට නොපෙනුණත් දේවාලයේ සිටී ගෝපාල්ගේ තෙවන ඇසට දර්ශනය විණි. ගෝපාල්ගේ මුවේ මන්දස්මිතයක් ඇදිණි.

“ඔහු නිදහස් වුණා උත්තමාවියනි"

“මට එය දැනෙනවා ගෝපාල්”

රුද්‍රා උතුරා යන ප්‍රීතිමත් හඬින් කීවාය. ඉතින් දැන් වසර දහස් ගනණාවක් පුරාවට බලා සිටි සියල්ල විසඳා ගැනීමට හැකිවනු ඇත. එකී සතුටින් සිත පුරවාගත් රුද්‍රා යාන්තමින් දෙතොල් සොලවා තම සොහොයුරාට ආමන්ත්‍රණය කළා ය.

ISBN
9786245673339
පිටු ගණන (Pages)
247
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: සමුද්‍ර

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.