Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / සඳ ඇබින්දක් ආදරේ

සඳ ඇබින්දක් ආදරේ

ප්‍රකාශක (Publisher): Storyflix
ප්‍රවර්ග (Genre): නවකතා
About this book

ගැහැනියකගේ සුකොමළ කෝළකම් අස්සේ මේ තරම් සොඳුරු බවක් ඇති බව සිද්ධාර්ත් මින් පෙර දැන සිටියේනැත. ඒ බොළඳ ඉරියව්වලින් පිරිමියෙකු නිවන්නටත් ඒ තරමින්ම අවුළුවන්නටත් හැකි බව ඔහු දැන සිටියේ නැත. ගැහැනියක් කෙරේ අනුරාගය උපදින්නට ඇය පිරිමියෙකු ඉදිරියේ නිරුවත් වීම අනිවාර්ය නොවන බව සිද්ධාර්ත් වටහාගනිමින් සිටියේය. අනුරාගය උපදින්නේ අහිංසක ඇස් අස්සේය. දෑස් කරකවමින් හෙලන නෝක්කාඩු බැල්මන් අස්සේය. අනුරාගය උපදින්නේ කෝළ සිනා මවන දෙතොල් මතය. හිසගේ අගිස්සෙන් හමනා මෘදු ෂැම්පු සුවඳ මැදය. පොළවටත් රිදෙනවාට බයේ තබනා සියුම් පියවර තාල අස්සේය.

ධාර්වි... ඈ ඇඟිලිතුඩක ස්පර්ශයක් හෝ නැතිවම සිද්ධාර්ත්ගේ හදවත අනුරාගයෙන් පුරවා දමන්නීය.

 

ISBN
9786246679026
පිටු ගණන (Pages)
376
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: සඳ ඇබින්දක් ආදරේ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.