හතේ කණුව අසලින් බසිනු වෙනුවට, පෙරටම ගිය ඈ විහාර හංදියේ දී බසයෙන් බැස ගත්තාය. විඩාවෙන් රිදුම් දෙන දෙපතුල්වලට බෝමළුවේ විසිරුණු සුදු වැල්ල දැනෙව්වේ සිසිලසකි.
ඈට හැඟුණේ ඈ පටාචාර කතාවේ සිටු දියණිය මෙනි. සැබෑවටම කීවොත්, ඊටත් අන්ත පරාජයකට ලක් වුණු අයෙකුගේ අසරණකමකි. සිටු දියණියට සියල්ල අහිමි වුවේ ඈ රාගයෙන් අන්ධව දෙමව්පියන් හැරදා සේවක තරුණයෙකු සමග රහසේ ගිය නිසාවෙනි. එහෙත් මෙවන් ඉරණමකට පත් වීමට තමා කළ වරද? පෙම්බර දෙමව්පියන් ද, විශ්වාසය තැබු සැමියා ද, පැතුම් පිරූ දරුවාද, හිසට තිබුණු සෙවණ ද අහිමිව ගිය තමාට අද සිහි විකල් වුවහොත් පුදුමයක්ද? සිය දියණියට නම් සිත නිවා ගන්නට ජීවමානව වැඩ විසු බුදු හිමිගේ සරණ හෝ තිබුණි… එහෙත් තමාට…?
බෝධිය ඉදිරියේ දණ බිම ඇන තියා ගත් ඈ හිස පහත් කරනු වෙනුවට, ඇස් නගා ඉහල බැලුවාය… සියල්ල අහිමිවු අයත් කොයි ලෙසකින් හෝ යළි අලුතින්… නව ජීවිත අරඹති.
Details
-
A thoughtful and interesting storyThis was a great book and a very interesting read. I thought the ideas and imagery in this book was especially meaningful and contributed to a memorable read. I highly recommend this book!