සඳ සරාගයේ
''සයාරා...බෝල ඇස් දෙකක් තිබ්බ ලස්සනම කෙල්ලෙක්... එයාට ''විනස්”කියලා කිව්වේ ඒ නිසා. "දුලන" කියන්නෙ සයාරාගේ අඳුරු වෙන්න ගිය ජීවිත කතාවට ආදරයෙන් එළිය දුන්න ආදරණීය ජීවිතය... හැබැයි දඩබ්බරයෙක්..
සයාරාගේ ජීවිතයට එළිය දීලා දුලන දවසක ඈතකට යන්න යනවා. හැමෝම වගේම සයාරාටත් දඩබ්බරයා හොයාගන්න බැරි වෙනවා. ජීවිතේ කටු අකුල් අස්සෙන් රිදුම් වේදනා උහුලමින් සයාරා ඒ ආදරණීය දඩබ්බරයා හොයාගෙන යනවා..
එකම තැනකදි..වීනස්ට දඩබ්බරයා මුණගැහෙනවා... ඒත් ඒ වෙද්දි දඩබ්බරයා වෙන කෙනෙකුට අයිති වෙලා.. වීනස්ට දඩබ්බරයාගෙන් වෙන් වෙන්න සිද්ධ වෙනවා. ඒත් දෙන්නාගෙම හිත් වල ආදරය එහෙම ම තියෙනවා. ඉතින් එදා ඒ ආදරය ආශ්චර්යක් කරනවා..
ඔව්.. ඒ ආදරයේ ආශ්චර්ය අත්විඳින්න ආදරයක් තියෙන්නම ඕනෙ නෑ..ආදරේ දැණුනාම හොඳටම ඇති.
Details
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.