Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / සඳපිනි ධාරා

සඳපිනි ධාරා

ප්‍රකාශක (Publisher): තාරා ප්‍රකාශන - Thara Prakashana
ප්‍රවර්ග (Genre): නවකතා
About this book

මා මේසගේ අතක එල්ලී ආයේ හැඬුවෙමි. නොවේ... ඔහු අන්සතු කොට මා ජීවත් වන්නේ කෙලෙසකද...?

"එහෙම වෙනවා ධාරා... දෑහන් එක්ක ලස්සනට ජීවත් වෙන්න..."

කිසිත් කියන්නට ඉඩ නොදී මේස මා අත ගෙන දෑහන්ට දුන්නේය. මා හඬ හඬා බලා හිඳියෙමි. මා ඇවැසි යැයි කියා මේස පැවසුවේ මේ සන්ධ්‍යාවේදීය. එ'නමුත් එළැඹි රාත්‍රියේදීම මේස ආයේ මා ප්‍රතික්ෂේප කළේය. මා දෑහන්ගෙ අත අතැර ආයේ මේසගේ අතේ එල්ලී ගතිමි.

"නැහැ මේස.... මං යන්නේ නැහැ ආයේ...."

මේස මා හඬා වැළපෙද්දීම මා අතින් ඔහුගේ අත මුදා ගත්තේය.

"දෑහන් දුකක් දෙන්නෙපා ධාරාට.... ඒත් එයාව බලා ගන්න. හොඳට බලාගන්න...

මේස සියල්ලෝම බලා හිඳිද්දී මා අත ඇතැර ගෙතුළට ගියේය. ආයේ ගෙතුළට යන්නට තැබූ අඩිය ආපස්සට ගෙන මා ළඟටම ආවේය.

"සතුටින් ඉන්න ධාරා..."

මා හිස මත ඒ අත තබා මේස මහා ආදරයකින් කීවේය. එහෙම කියා ආයේ නොඑන්නම ගෙතුළට ගියේය. බොහෝ දෙනා ම'දෙසත් දෑහන් දෙසත් බලා හිඳියෝය. නැන්දා සුභද්‍රා මා ළඟට ආවේ ඒවිටය.

ISBN
9557829449
පිටු ගණන (Pages)
240
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: සඳපිනි ධාරා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.