සඳරැස් වෙරළ
About this book
තායි බසින් ෆාං-සං-චාන් ලෙසින් ප්‍රකාශිත මෙම නවකතාව ධීවර ජීවිතවල ලේ කඳුළු හා දහදිය සාගරයකි. සඳරැස් වෙරළේ ගැහැනු ද පිරිමි ද සෝ තැවුල් නිවා ගන්නේ සුදුවෙන් හා මත්පැනෙනි බැංකු ගිණුමක් හැඳුනුම්පතක් නැතිමේ ධීවරයන්ගේ වාසස්ථාන ගණිකා නිවාස සූදුපොළවල් හා බෝල මේස වැනි ස්ථාන ය රෝස පැහැති විදුලි බුබුළු සහිත ගණිකා නිවාස ඇතැම් තරුණ ධීවරයන්ගේ ස්ථිර වාසස්ථාන බඳුය. බංගලාදේශ වියට්නාම් සිංගප්පුරු බුරුම ඉන්දුනීසියා මුහුදුවල අනවසරයෙන් සැරිසරන ඔවුන්ගේ ජීවිතද ගැලවෙන්නට බැරි දැලක පැටලී තිබේ. ශාරීරක වෙහෙසද මානසික පීඩා ද මැද අසීරුවෙන් නැඟී සිටින්නට තැත් කළ බොහෝ ධීවරයන් අවසානයේ කුඩු උරමින් ඇවිදින ඇට සැකිළි බවට පත් වී ඇත. මේ සියලු කම්කටොලු මැද ඔවුහු එකිනෙකාට උපකාර කරති මිත්‍රත්වයේ බැඳීම් රැක ගනිති. මතු දිනක තාවකාලික පැවිද්ද ලබා සියලු අකුසල් සමනය කරන්නට බලාපොරොත්තු වෙති. මෙය තායි ධීවරයන්ගේ පමණක් නොව පොදු ආසියාතික දරිද්‍රතාවේ ද හර්ද ස්පන්දනයයි.
Details
ISBN
9789553105738
පිටු ගණන (Pages)
271
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Readers also bought
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review