Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / සඳුන් ගින්දර

සඳුන් ගින්දර

ප්‍රකාශක (Publisher): තාරා ප්‍රකාශන - Thara Prakashana
ප්‍රවර්ග (Genre): නවකතා
About this book

“නිදහස”

එහි නියම අරුත දන්නේ කූඩු වූවන් පමණි. කූඩුවක සිර වී සිටින ගිරවෙකු එයින් ඉගිල යන්නේ යම් සේද, කුඩා කූඩුවක සිර වී සිටින බල්ලෙකු ඉන් එළියට එන්නේ යම් සේද, අඩි දෙකේ දිග පළලින් යුත් මාළු ටැංකියක සිර වී සිටින මාළුවෙකු නැවත ඇලක දොළකට වැටී සතුටින් පීනායන්නේ යම් සේද සමදරා ද සිරගෙයින් නික්මයාමේ සතුට වින්දේ එලෙසය. එය සාමාන්‍ය වැසියෙකුට වටහාගත නොහැකි ජීවිත අත්දැකීමකි.

එය කෙතරම් බලගතුද යන්න සමදරාට දැණුනේ හැඳසිටි ජම්පරය ගලවා නිලධාරිනිය දුන් සුදු පැහැති සාය හා හැට්ටය ඇඟලාගත් පසුවය.

ජීවිතයේ සතුට උදාවී ඇතිවග සිතුවද, එය තමා දකින සිහිනයක් පමණක් වග සමදරාට වැටහිණි. සතුටට පසුව මහා දුකක් ළඟාවන්නේ පුරුද්දක් ලෙසය. ගිරිදුර්ගයක් නැග අපහසුවෙන් ලබාගන්නා සතුට එකවරම සේදීයන්නේ ගිරිදුර්ගයේ පල්ලම බහිනවාටත් වඩා ඉක්මනින්ය. මේ ස්වභාවය සමදරාගේ ජීවිතය හා බද්ධවී ඇත. සතුට පරයා දුක මතුවන්නේ පා පහරකින් හැකිලෙන නිදිකුම්බාවක් මෙනි.

සිතුවේ ජීවිතය දිනූ බවය. දුක අහවර බවය. සියල්ල සම්පූර්ණ බවය. එහෙත් ඒ සියල්ල සමදරා දුටු මිරිඟුවකි.

ISBN
9789557829906
පිටු ගණන (Pages)
292
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: සඳුන් ගින්දර

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.