Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / සංඛ මායා

සංඛ මායා

About this book

රටේ නන් දෙසින් නිධාන සොරකම් ගැන වාර්තා වෙයි. සංස්කෘතියට හා පුරාවස්තූන්ට ඇති තර්ජනය හමුවේ ජනාධිපතිතුමාගේ මින් පෙර නොගත් තීරණයකට අනුව සාතිෂය රහස්‍ය අපරාධ මෙහෙයුම් ඒකකයක් බිහිවෙයි. එහි පිටි මෙහෙයුම්කරුවකු වන රජිත්ට පැවරී ඇති කාර්ය නම් නිධාන සොර කල්ලි හඹා ගොස් ඔවුන් නීතියේ රැහැනට ගෙන ඒමය. දකුණේ ප්‍රසිද්ධ තැනෙක සගවා ඇතැයි සැලකෙන නිධානයක් ගැනීම සඳහා සිය පෙම්වතිය වන පුරාවිද්‍යා ආචාර්ය නර්මදා රාජපක්ෂ සොරුන් විසින් පැහැර ගෙන ගොස් ඇත. නිධානයට බිලිදීමට සොරුන්ට ඇයත් ඇගේ නිවුන් සොහොයුරියත් අවශ්‍ය වී ඇත. පරිඝනක කප්පිත්තෙකු, පුරවිද්‍යා විශේෂඥයෙකු, රණකාමි හොටේල් හිමියකු හා පෙළ ගැසෙන රජිත්ගේ සියලූ බලාපොරොත්තු කඩ වූ කල ඔහුට ඇති එකම තුරුම්පුව දේශප්‍රේමී සංවිධානයක් මෙහෙයවන නර්මදාගේ නිවුන් සහෝදරිය මය.

කතුවර, හේමාල් ජයවික්‍රම ඕස්ට්‍රෙලියාවේ නිව්සවුත් වේල්ස්හි සංස්ථාපිත සිංහල සංස්කෘත හමුවේ ලේඛක සංසදයේ සාමාජික නවකතා කරුවෙකි. නුගවෙල මධ්‍ය මහා විද්‍යාලයේ ආදී ශිෂ්‍යයෙකි. ඔහු පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් ඉංජිනේරු උපාධිය ද මෙල්බර්න් විශ්වවිද්‍යාලයෙන් පශ්චාත් උපාධිය ද ලබා ඇත. ප්‍රථම නවකතාව වූ මනුලී ලියා ජනාදරයට පත් ඔහුගේ මෙම කෘතිය පාඨකයාට මහත් වින්දනයක් ගෙනෙනු ඇත.

Details
ISBN
9789553133007
පිටු ගණන (Pages)
392
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review

You're reviewing: සංඛ මායා

Reviews are published once a member of our team has read them.