සංසාරේ හිස්තැන්
ගොරෝසු ඇඟිලිතුඩු මොකක්දෝ තෑග්ගක් ඇසුරුම් කරමින් තිබිණ. දෙතුන්වරක්ම උත්සාහ කළද තවමත් අවැසි නිමාව ඔහුට නොලැබුන හැඩයි! ඉදින් ඒකාගේ මූණත්තහඩුව අටපට්ටම් වී ගියේ පුත්තලම් බූරුවන් දෙතුන්දෙනෙක්ගේ වයස ගෙවුණත් තවමත් තමාට හරිහැටි තෑග්ගක් ඇසුරුම් කරගත නොහැකි නිසා විය යුතුයි!
”ඔය කාටද මහෝඝ?”
යාන්තම් අර අටපට්ටම් වී තිබුණු මූණත්තහඩුවට එළියක් වැටුණේ දැන් ය. හැම අසීරු මොහොතකම ළඟ ඉන්නා ඉෂ්ඨ දේවතාවිය අදත් නියම වෙලාවට ඔහු ළඟට ඇවිල්ලාය!
“මේ හිච්චි සඳකඩයා බලන්න යන්න ගත්ත ගිෆ්ට් පැක් එක... තවම බැරි උණා හරියට රැප් කරගන්න...”
මහෝඝ සිය ඉෂ්ඨ දේවතාවිගේ මී පැණි පාට නෙතු දිහා බලාගෙන කුටු කුටු ගෑවේය. ඉදින් ඈ මහෝඝ අසලට ඇවිදින් එකාගේ දිගටි කොණ්ඩය අවුස්සා දමා තෑග්ග ඇසුරුම් කරන්නට පටන් ගත්තාය.
එසේනම්... අර මුරණ්ඩු මාන්නක්කාර මහෝඝ සඳරැස් මොනරතැන්නටත් හරි ගිහිල්ලා නේද?
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.