සංසාරේ පියසටහන්...
ජීව පරිනාමය ගැන සොයා බලද්දී මේ වන විට පරිනාමයේ උපරිමයට පැමිණ සිටින නිර්මානය මනුෂ්‍යයාය. මිනිසා වෙනත් සත්වයින්ට වඩා හැම අතින්ම ඉහලය. දියුණුය. පරිකල්පන ශක්තියෙන්ද උසස්ය.
මිනිසාගේ මානසික අවකාශයේ නිම් තෙරක් නැත. මේ තුළ ජනිත වන නානාවිධ පරිකල්පනයන් ලෝකයට මිනිසා විසින් තිලිණ කරනු ලබන්නේ නානාවිධ නිර්මාණ වශයෙනි. මෙම නිර්මාණ සාහිත්‍යමය වශයෙන්ද, විද්‍යාත්මක වශයෙන් ද, වෙන්කල හැක. එදා අතීතයේ සිට පැවතෙන සාහිත්‍යමය නිර්මාන නොයෙකුත් ආකාරයට සෑම රටකම දක්නට ඇත.
නව නිර්මාණ බිහිකරන ලද ඒ සදාකාලික මිනිසුන්, මිනිසාට අවශ්‍ය වන නොයෙකුත් නව නිර්මාණ අතීතයේ සිටම බිහි කළහ. ගමනාගමනයට අවශ්‍යවන යන්ත්‍ර සූත්‍ර රෝදයේ සිට බයිසිකලය, මෝටර් රථය හා දුම්රිය ආදී වශයෙන් ගොඩබිමේද, ඔරු, බෝට්ටු හා නැව් වශයෙන් දියෙහි හා සාගරයෙහිද, සරුංගලයේ සිට හෙලිකොප්ටරය හා ගුවන්යානා, රොකට් වශයෙන් අහසේ ගමන් කිරීමට ද ලෝකයා දියුණු වී ඇත.
ඉන් ඔබ්බට දියුණු වූ නවීන විද්‍යාව තුලින් මෙම ගෝලීය ලෝකයේ සිට මෙවැනිම වූ ගෝලීය ලෝක සහ අභ්‍යාවකාශ වස්තු ගැන විමර්ශනය කිරීමට මිනිසා සමත් වූ අතර සඳවැනි අභ්‍යාවකාශයේ ඇති ග්‍රහලෝක කරා රොකට් මගින් ගමන් කිරීමට පවා ඔවුන් සමත් විය.
මිනිසා මෙවැනි දියුණු මානසික තත්වයක් ඇතිකර ගැනීමට සමත් වුවද, ස්වභාව ධර්‍මයේ පැවැත්ම උදෙසා එය විසින් ඇතිකොටඇති, සෑම සත්ව කොට්ඨාශයෙකම පවතින විරුද්ධ ලිංගික ආකර්ශනය, ආලය, ආදරය, ප්‍රේමය නමින් පැවතුනද, එය ජය ගැනීමට හැකි වුනේ බුද්ධිය ඉහලම තලයට දියුණුකල බුදුන් වහන්සේ වැනි ශාස්තෘවරුන්ට පමණි.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.