Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / සංසාරික පොරොන්දුව

සංසාරික පොරොන්දුව

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

ආත්මයක් පාසා එන ඔහුගේ සුවද, ඔහුගේ පහස... කඳුළු වැඩිවුණා ද්වාරිගේ ඇස්වල. හිස නොඔසවාම හිස මත වූ ඔහුගේ දෑත ගෙන දෙතොලට තදකර ඈ, දැඩි සීතලක් දැනුණත් උමතුවෙන් සිපගත්තා ඔහුගේ දෑත.

"මං දිහා බලන්න රත්තරන්...” ඔහුගේ වචනත් සමග මිශ්‍රව ඇසුණේ ඉකිබිඳුමක්. සීතල දෑත පපුවට තද කරගෙන ඈ හිස එසවූවා, දෙනෙත් පියාගෙනම.

"සුදු නෝනා... මගේ රත්තරන්...”

වචන නෑ පිටවෙන්නේ ද්වාරිගේ මුවින්. කඳුළු ගලන නෙත්වලින් ඈ බලා උන්නා සඳීවි දෙස.

මං ආවා මගෙ දෝණි. අඬන්න එපා මගෙ රත්තරන්...” අනිත් අතත් කවුළුව තුළින් යැවූ සදීව් ඇගේ හිස අතගෑවේ උතුරා යන ආදරයක් නෙත් තුළ රඳවාගනිමින්.

''ම... මං... මං...” ද්වාරීට බෑ කතා කරගන්න.

''මට සමාවෙන්න රත්තරන් මෙච්චර කල් නාවාට, මගේ පණ, ඔයාව අමතක කරලා නෙවෙයි මගේ දෝණි...”

"දු... දුක් වින්දා ම... මං ගොඩක්. හැම තැනම හෙව්වා මං පිස්සියෙක් වගේ අවුරුදු හතරක්.”

" අඬන්න එපා මගේ වස්තුවේ...”

"මං... මං... මං ඔයාගේ ඔ... ඔයාගේ පූජා, සදීව්...”

ISBN
9786246697204
පිටු ගණන (Pages)
344
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 3
  1. සංසාරගත් බැදීමක්
    මා නුඹට පෙම් කලත්
    නෑ පිනක් එක්වන්න
    ඒ වුනත් මට හැකිය
    මගේ මැනික රැකගන්න
    ආදරෙයි රත්තරන්
    මගේ හද පැලෙන්න
    ඒ නමින් නුඹ රකිමි
    නුබේ සදීව්‍ ය මම...
    Sarfana ·
  2. Sansarika poronduwa
    එක හුස්මට කියවන්න පුලුවන් ලස්සන කතාවක්
    Nayana ·
  3. සංසාරගත බැදීමක්.. වියරු පලිගැනීමක්...
    නුඹ මලක්මැයි මගේ දෝණී මගේ හද පූජාසනේ පිපුනූ...
    මගේ ප්‍රේමය නුඹයි සොදුරිය හැමදාම එක් පසින් කෙරුනූ....
    නමුදු ප්‍රේමිය නුඹෙ සිනහ මට මල් මිටක් වෙයි සුවඳ හමපූ...
    ඉතින් කදුලක් ශේෂ නොකරම යන්න යන්නම් මගේ රන්දූ...

    මගේ මිතුදම් නුඹේ පතිදම් සංසාරෙ දුක අපි එකට වින්දා....
    නුඹේ දුක ලග මගේ හිත මන් කලු ගලක් කරගෙනම උන්නා...
    සත්තමයි මට දුකක් නෑ පණ නුඹගෙ අයිතිය ඔහුම වූවා...
    ඉතින් නවතිමි මගේ ආදර කවිය කරමින්
    නුඹට පූජා...

    තිලෝගුරු බුදු සමිදු දෙසු මග වඩින්නට මා පෙරුම් පිරුවා...
    එ මග මා සිත සොයා යන විට සොඳුරු උවනක් නෙතින් දුටුවා...
    හිතින් පමණක් පෙම් කරා මන් හැමදාම නුඹේ ලගම සිටියා....
    අදින් නවතිමි මමයි පොඩි නම බුදුන් දෙසු මග ගමන් කරනා...

    අවිෂ්කගෙන් ද්වාරිට❤️
    Sarfana Wickramasinghe ·
Write a review
Write a review

You're reviewing: සංසාරික පොරොන්දුව

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.