Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / සංස්පර්ෂ

සංස්පර්ෂ

About this book

නිහාල් දයාසේකරගේ මරණ පරීක්ෂණ වාර්තාව පසෙකින් තබා ඊළඟට ඔහු නිතින් අශෝක දයාසේකරගේ  මරණ පරීක්ෂණ වාර්තාව ද අතට ගත්තේය. එයද කිසිදු ඉඟියක් හෝ නොමැති සාමාන්‍ය විදිහේ වාර්තාවකි. නමුත් එහි යම් අමුත්තක් නැතුවමත් නොවේ. එකම පවුලේ පිය පුතු දෙදෙනා ම මියගිය ආකාරය ටිකක් අමුතු ය.

නිතින්ට වඩා නිහාල් දයාසේකරගේ වයස දෙගුණයකි. පියාට යම් හෙයකින් එවන් රෝගයක් සෑදී හදිසියේ මියයාම එතරම් දෙයක් යැයි සිතිය නොහැකිය. නිතින් අශෝක දයාසේකර ද වයස තිස් විය ඉක්ම ගොස් සිටි තරුණයෙකි. තරුණයකුට වුවද හෘදයාබාධයක් ඇතිවීම අසාමාන්‍ය දෙයක් නොවුවද ගැටලුව ඇත්තේ ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති විසින් එවන ලද විද්‍යුත් තැපෑල පණිවිඩයයි

එහි සටහන්ව තිබුණේ කොළඹ, දෙහිවල පදිංචිව සිටිනා නිහාල් දයාසේකරගේ දෙවැනි පුතු වන ධිහාන් දයාසේකර ද අද අළුයම එවැනිම වූ හෘදයාබාධයකින් මියගොස් තිබීමයි. 

ISBN
9786245999477
පිටු ගණන (Pages)
224
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: සංස්පර්ෂ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.