සංස්පර්ෂ
නිහාල් දයාසේකරගේ මරණ පරීක්ෂණ වාර්තාව පසෙකින් තබා ඊළඟට ඔහු නිතින් අශෝක දයාසේකරගේ මරණ පරීක්ෂණ වාර්තාව ද අතට ගත්තේය. එයද කිසිදු ඉඟියක් හෝ නොමැති සාමාන්‍ය විදිහේ වාර්තාවකි. නමුත් එහි යම් අමුත්තක් නැතුවමත් නොවේ. එකම පවුලේ පිය පුතු දෙදෙනා ම මියගිය ආකාරය ටිකක් අමුතු ය.
නිතින්ට වඩා නිහාල් දයාසේකරගේ වයස දෙගුණයකි. පියාට යම් හෙයකින් එවන් රෝගයක් සෑදී හදිසියේ මියයාම එතරම් දෙයක් යැයි සිතිය නොහැකිය. නිතින් අශෝක දයාසේකර ද වයස තිස් විය ඉක්ම ගොස් සිටි තරුණයෙකි. තරුණයකුට වුවද හෘදයාබාධයක් ඇතිවීම අසාමාන්‍ය දෙයක් නොවුවද ගැටලුව ඇත්තේ ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති විසින් එවන ලද විද්‍යුත් තැපෑල පණිවිඩයයි
එහි සටහන්ව තිබුණේ කොළඹ, දෙහිවල පදිංචිව සිටිනා නිහාල් දයාසේකරගේ දෙවැනි පුතු වන ධිහාන් දයාසේකර ද අද අළුයම එවැනිම වූ හෘදයාබාධයකින් මියගොස් තිබීමයි.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.