සන්තානේ අංගනාවී
පින්කි දඟලන්නැතුව පස්සට වෙලා හේත්තු වෙනවා.. නැන්දා කෙසේ වෙතත් තමුසෙට මොකුත් උනොත් මාමා මගේ ඔලුව කයි. එවර ඒ හඬෙහි රැඳී වෙනස වටහා ගන්නටත් මත්තෙන් ඉන අද්දරින් දැනුනේ රළු පහසකි. දෙවරක් නොසිතාම නිසලිගේ ඉඟ හරහා සුරන යැවූ සිතිජ ඈ සිය පපුවට සුවපහසු ලෙස බරකර ගත්තේ... "මොනවා හිතුවාම මොකද.. එයා අයිති මට කියලා
එයත් දැනගන්න ඕනෙ” යැයි තමාටම මුමුණා ගනිමින්ය. පාසල් නිල ඇඳුම අතරින් පිට හරහා හදවතට කාන්දුවන උණුසුම් සුවයෙන් ලයම ඇකිලී යද්දි දිගැටි ඇහිපිය වේගයෙන් සැලූ ඇය, මුහුණින් මතුවන හැඟුම් වලකන්නට අසාර්ථක උත්සාහයක යෙදුනාය. නැවතුම්පොල කිහිපයක් පසුකරමින් ඉදිරියට ඇදෙද්දී පාසල පෙනෙන මානයේ අනවසරයෙන් නිසලිගේ පොත් මල්ල රාක්කයෙන් සිය උරහිස මතට ගත් සිතිජ නිදහස් අත්ලින් නිසලිගේ අතක් අල්ලා ගත්තෙන් සෙනඟ අතරින් පීරා දොර දෙසට ඇදුණේය. “පරිස්සමට බහිනවා..”
ඇසෙන නෑසෙන හඬින් කියූ ඔහු, ඈ හා සමානව බසයෙන් බැස ගත්තේ සීරුවෙනි. අනතුරුව සිය අත බැඳි ඔරලෝසුව දෙස බැලූ සිතිජ වටපිට හොඳින් නිරීක්ෂණය කරමින් යමක් සෙව්වේය.
Details
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.