සපරගමු නර්තන ප්‍රවේණි
අපේ සංස්කෘතික උරුමය ඇසුරෙහි පවතින ලලිත
කලාව පිළිබඳ හැදෑරීම කාලයක පටන් සිදු කෙරී තිබේ.
අද වන විට මූලාශ්‍රයවශයෙන් අප විසින් සලකනු
ලබන බොහෝ දෑ පැරණි ප්‍රභූවරුන්, පඬිවරුන් එකතු
කරන ලද ඒවා ය, සපරගමු නර්තන ප්‍රවේණි එබඳු
තවත් සාරගර්භ ශාස්ත්‍රීය වටිනාකමකින් යුතු පර්යේෂණ
ග්‍රන්ථයකි. එමෙන් ම සබරගමු නර්තන පරම්පරා පිළිබඳ ව
ප්‍රකාශිත පළමු කෘතිය ද මෙය වේ. එම කෘතිය
රචනා කරන ලද්දේ සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ
සබරගමු නර්තන අධ්‍යයනාංශයේ අංශාධිපති සමන්
කුමාරතුංග මහතාය. මේ තරුණ විද්‍යාර්ථියා මීට පෙර
වටිනා කරුණු ඇතුළත් කෘති සහ ශාස්ත්‍රීය ලිපිගණනාවක්
පළ කළේය. පර්යේෂණ සැසි වාර වලදී පර්යේෂණ පත්‍රිකා
ඉදිරිපත් කරන සැටිද බලා සිටියෙමි. ඔහුගේ
පර්යේෂණාභිලාශී උද්යෝගය ප්‍රතිඵලදායකය.
මේ පොත සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ ඒ හා උනන්දුවක්
දක්වන පාඨකයන්ටත් අනෙකුත් මානව විද්‍යා, සමාජ විද්‍යා,
සංස්කෘතික අධ්‍යයන, ආගම, අභිචාර මෙන්ම නාට්‍ය සාහිත්‍යය,
ජනශ්‍රැති මෙන්ම සන්නිවේදන ශික්ෂණ ක්ෂේත්‍රයටත්,
පොදු පාඨකයාටත් බෙහෙවින් ප්‍රයෝජනවත් ග්‍රන්ථයකි.
මේ පොත රචනා කිරීමට පර්යේෂකයා ලිඛිත,
අලිඛිත මූලාශ්‍රය රාශියක් පරිශීලනය කර ඇත.
කෘතියේ විචාරශීලී ව්‍යක්ත පරිචයක් ගැබ්ව පවතී.
ලේඛකයාගේ අනාගත ජීවිතයට සුබාසිරි පතනෙමි.
ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.