Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / පොත් (Books) / සරත් කුසුම්

සරත් කුසුම්

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

අශෝක් රන්තැන්නගේ සාර්ථකත්වය හුදෙක් අහම්බයක් හෝ පරම්පරා උරුමය පදනම් කොට ගොඩ නැගුණු එකක් නොවිය. ප්‍රබල කාන්තා චරිත දෙකක සෙවණෙහි නැගී විත්, ස්වකීය බුද්ධිය, දැනුම, විනය හා කැපවීම තුළින් ලෝකය දිනා ගත්තද, දෛවය විසින් ඔහුට උරුම කළේ හුදෙකලා මැදිවියකි. වයස ඉලක්කමකටම පමණක් සීමා වුණ, මහලු වීම ප්‍රතික්ෂේප කළ ඔහුගේ සිරුර තුළ තවමත් ජව සම්පන්න තරුණයෙකු ජීවත් වෙයි. ඔහු සමග ජීවිතය බෙදා හදාගන්නට ඕනෑ තරම් ලලනාවන් සැදී පැහැදී සිටියද, ඔහුගේ හිත නතර වූයේ, ඔහු තාවකාලික සුවයක් පැතූ ඇය ළඟය.. ඔහුගේ හද බැඳ ගත්තේ, ඇගේ සුරූපී යොවුන් සිරුර පමණක්ම නොවේ.. ඇයට ඇලවුණු ලේබලය පිටුපස සිටි අහිංසක, සොඳුරු යුවතිය ඔහු හැඳින්නේය. ඔහුගේ අඳුරු හුදෙකලා ජීවිතයට ඇය එක් කළේ සහන් එළියකි..

තුරුණු වියේදීම අවාසනාවන්ත ලෙස තනිකඩ වූ ඇය, සමාජ සම්මතයෙන් බැහැරව, ලොව පැරණිම වෘතියට යොමු වූයේ සිය පවුලේ ආර්ථික රැකවරණය සලසනු පිණිස වුවද, ඇයව එම තත්වයට තල්ලු කෙරුණේ අවලං පිරිමි සමාජය විසින්මය. වෘතියේ ස්වභාවය හේතු කොට ගෙන හිරි වැටී තිබුණු ඇගේ හදවත නැවත පණ ගැන්වී එහි දොරගුළු අශෝක්ට විවර වන්නේ ධන බලයට නොව, ඔහු ඇය කෙරෙහි දැක්වූ සෙනෙහෙබර ලෙන්ගතු කමටය. සැබෑ පිරිමිකම යනු කුමක්දැයි ඇය හැඳින ගත්තේ ඔහුගෙනි. දෛවය විසින් පොඩි පට්ටම් කරන ලද ඇගේ ආත්මය ඔහු පණ පොවා සුවපත් කළේය.

මේ ඔවුන්ගේ අසම්මත ආදර කතාවයි..

ISBN
9786249525801
පිටු ගණන (Pages)
256
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: සරත් කුසුම්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.