Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / සර්ප උගුල
About this book
ඩවීනා ග්ලෙන්ටයර් ඇගේ තාත්තාගේ මිනීමැරුම වෙනුවෙන් චෝදනා ලැබුවාය වරක් ඇයට හුරු පුරුදු හා ආදරණීය වු සියලු දේම දැන් අවිශ්වාසය හා අපකීර්තිමත් සිදුවීම් වල සෙවණැල්ලෙන් වැසී ගොස්ය. මෑතකදී සිදු වු ඇගේ අම්මාගේ මරණයත් සමඟ එඩින්බර්ග්වල ගත කළ ඇගේ ප්‍රීතිමත් තරුණ කාලය අතුරුදහන් වී ගියේය. ඇගේ තාත්තා බොහෝ වෙනස් කෙනෙකු වු බවක් පෙන්නුවේය. නිවසේ නැවතී උගන්වමින් සිටි ඩවීනාගේ ආදරණීය ගුරුතුමිය නොසිතූ මොහොතක රැකියාවෙන් ඉවත් කර දැමු වේලාවේ එම තනතුරට කෙනෙකු කවදාවත් බලාපොරොත්තු නොවෙන අන්දමේ බඳවා ගනු ලැබුණේය. රතු පැහැති කොණ්ඩයක් සහිත ජීවයෙන් පිරුණු සිල්ලා ග්‍රේ අලුත් ගුරුතුමිය වූවාය. නිවසේ නතර වූ ඇය අලුත් මිසිස් ග්න්ටලේන්ටර් බවට පත් වූවාය. එම අවුරුද්දේම ඩවීනාගේ තාත්තා මිය ගියේය. එයට චෝදනා ලැබුවේ ඩවීනාය. එම මිනීමැරුම සිදු කිරීමට ලැබුණු ඉඩකඩ එවැනි දෙයක් කිරීම පිටුපස ඇති අරමුණ එවැනි දෙයක් කළ හැකි මාර්ගය යන සෑම දෙයක්ම වරදකරුබවට පත් කළේ ඩවීනාවය. ස්කොට්ලන්ත අධීකරණයෙන් ලබා දෙන නොපැහැදිලි නඩු තීන්දුව එනම් ඇගේ වරද "ඔප්පු වී නැත" යනුවෙන් පවසමින් ඇයට නිදහස ලබා දීම ඩවීනා ඕපාදූප හා ඇණුම්පද වලින් පිරුණු ජීවිතයක ගොදුරක් බවට පත් කරන්නේය. අප්‍රිකානු යටත් විජිතයකට යෑම තරම් අතීතයෙන් බේරි පලායන්නට වෙන හොඳ විසදුමක් වන්නේ කවරක්ද ? එහිදි ඇය එහි සිටින ධනවත් හා කඩවසම් දේශිය ව්‍යාපරිකයෙකු වන රොජර් ලෙස්ට්‍රේන්ජ් විශ්වාස කරන්න පටන් ගන්නීය.ඒ්ත් සමගම ඇය අභිරහස් අන්දමින් අසනීප වෙමින් සිටින ඔහුගේ බිරිඳගේ ‌ යෙහෙළියක් බවට පත් වන්නීය.අන්තිමේදී ඩවීනාට අලුත් ජීවිතයක් අරඹන්න අවස්ථාවක් ලැබී ඇති බවක් පෙනෙන්නීය.බෝයර් යුද්ධය පටන් ගැනීමත් සමග ඩවීනා සදහටම වැළලී ගියා සතු රහස් නැවතත් මතු වන්නට ඉඩක් ඇලි බව දැකීමත් සමඟම ඇගේ ආරක්ෂාව නැවතත් අනතුරට ලක් වන්නේය.දැන්, ඇගේ කීර්තිය පමණක් නොවේ ජීවිතය පවා අවදානමට ලක් වී ඇත්තේය.
ISBN
9789556972849
පිටු ගණන (Pages)
560
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: සර්ප උගුල

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.