සරු තණ බිම් සොයා
About this book
ප්‍රකාශකගේ සටහන සහ පොත පිළිබඳ හැඳින්වීම මෙහි ඇතුළත් වේ. වැඩි විස්තර සඳහා ග්‍රන්ථ කාර්යාලය අමතන්න (071 944 8899).
Details
ISBN
9789556778441
පිටු ගණන (Pages)
160
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 1
-
සරු තණ බිම් සොයාඅද වන විට උසස් අධ්‍යාපනය සදහා වසරක් පාසා විදේශ ගතවන ශ්‍රී ලංකික සිසුන් විශාල වශයෙන් වැඩි වෙමින් පවතින බව නොරහසක්. ඇතැම් විට මේ සටහන කියවන ඔබටද එය කලකදී සිහිනයක් වන්නට ඇති. බොහෝ දෙමව්පියන්ගේ විශ්වාසය විදේශ රටක අධ්‍යාපනය ලැබීම වාසනාවක් ලෙසයි. තමන් නොදුටු නොලද අවස්තාවන් තම දරුවන් වෙත ලබා දීමයි ඔවුන්ගේ එකම සතුටයි. කතුවරිය අපව රැගෙන යන්නේ එවන් වූ දෙමවුපියන්ගේ ආදරණිය දරුවකු විදේශ ගතවීමෙන් පසුව සිදු වන්නා වූ සිද්දි දාමයක් තුලටයි.
මවක් තම දරුවන් කෙරෙහි දක්වන්නා වූ අසීමිත ආදරය, සෙනෙහස ඇගේ චිත්තඅභ්‍යන්තරයේ හටගන්නා වූ සිතුවිලි ගෙනහැර දක්වන්නේ අප හදවත් විනිවිද යන හී සර පහරවල් මෙනි.දුක ශෝකය, සිත් වේදනා, තරහව මේ සියල්ලටම ඉහලින් ඇති මවකගේ ආත්ම ශක්තිය කතුවරිය අප වෙත ගෙන එන්නේ කෘතිය වෙත අප තව තවත් ඇඳ බැඳ තබමිනි.
කතුවරිය මෙහිදී දක්ෂ ලෙස කතාවේ ඇති ප්‍රධාන චරිත දෙක හසුරුවා ඇත. විටෙක මවගේ සිතුවිලි ඔස්සේ සංවේදී ලෙසින් කතාව ඉදිරියට ගෙනයන ඇය විටෙක කිසිසේත් බලාපොරොත්තු නොවන පරිදි දරුවාගේ ස්වයං පාපොච්චාරණයක් අප ඉදිරියේ තබයි. අප තුල මැවුණා වූ සියලු චිත්ත රූපයන් ක්‍ෂණයෙන් වෙනස් වන්නේ තම දෙමාපියන්ට අසීමිතව ආදරේ කරන තරුණයෙකුගේ වේදනාත්මකවූත් සංවේදී වූත් සිතුවිලි නිසාවෙනි. පිටු එකසිය හැටක් පුරා දිවයන කෙටි නවකතාවක් වුවත් ඒ පිටු ගණන පුරාවටම මා එහි ජිවත් වුයේ ඒ සියලු චරිත මා අවටත් සිටිනා බව දැනුණු නිසාවෙනි. අවසානයේ මාගේ මතකයට පැමිණියේ ආචාර්ය රෝහණ වීරසිංහයන් විසින් ගායනා කරන 'නැති බැරි මොහොතක පිහිටට හිටියේ' නම් ගීතයේ පද කිහිපයකි.
'' කල්ප ගණනකින් අප නුදුටුව මුත්
උණුසුම අඩු නැත ඔබේ කැදැල්ලේ
පරාජයෙන් අප අසරණ වූ දා
රැකවරණයි ඔබගේ සෙවනැල්ලේ ''
චාරුණ්‍යා දෙහිගම මහත්මියනි නවකතාකරණය සදහා ඔබ තැබූ පළමු පියවර අති සාර්ථක බව මගේ හැඟීමයි. ඔබට ජය පතමි.
කෘතිය : සරු තණ බිම් සොයා
කර්තෘ : චාරුණ්‍යා දෙහිගම
මිල : 350/-
පිටු : 160
ප්‍රකාශනය : සුරස ප්‍රකාශන
Write a review