සර්වඥ භික්ෂා පාත්‍ර ධාතූන් වහන්සේ
“යුද්ධයෙන් පැරදී පැන යන සතුරන් උතුම් වූ පාත්‍ර ධාතූන් වහන්සේ ත් දළදා වහන්සේ ත් ගෙණ නැව් නැගී එතෙර යන බව දැන ගැනීමට ලැබුණි. එය එසේ වුව හොත් මේ ලංකාද්වීපය හිස් වන්නේය.
මේ ලක්දිව මුතු මැණික් ආදී මහත් වූ වස්තු මොන තරම් තිබුණ ත් ඒ සියලු වස්තූන්ට වඩා ශ්‍රේෂ්ඨ රත්න වන්නේ අප ධර්මස්වාමීන් ගේ දළදා වහන්සේ ත් පාත්‍ර ධාතූන් වහන්සේ ත් ය. මේ ධාතූන් වහන්සේලා දෙනම නැති වුව හොත් මහත් වූ ධනයක් වියදම් කර මහත් වූ වෙහෙසක් ගෙණ මේ රට එක්සේසත් කිරීමට මා ගන්නා උත්සාහය ඒකාන්තයෙන් ම ඵලක් නැති වන්නේය.
ඉතා අගනා මැණික්වලින් බබළන රමණීය ඔටුන්නකින් මගේ හිස අලංකාර වී තිබේ. ඒත් එය පවිත්‍ර වන්නේ මහර්ෂීන් වහන්සේ ගේ උතුම් වූ දළදා වහන්සේ ගේ ත් පාත්‍ර ධාතූන් වහන්සේ ගේ ත් උතුම් වූ ස්පර්ශය ලැබීමෙන් පමණි. එබැවින් සියලු දෙනා එකට එක් ව මහා සේනාව ගෙණ ගොස් සතුරන් වනසා උතුම් වූ දළදා වහන්සේ ත් උතුම් වූ පාත්‍ර ධාතූන් වහන්සේ ත් ගෙණ වහා මෙහි එව.”
- මහා පරාක්‍රමබාහු මහ රජතුමා -
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.