සසල ගිර
2017 අප්‍රේල් 14 වැනිදා නාය ගිය මීතොටමුල්ල කුණු කන්ද පාමුල ඉදිවූ පැල්පත් වල වාසය කළ කුණු කන්දෙන් යැපුණු තරුණයන් කීපදෙනෙකු පිලිබඳ අනුවේදනීය කතා පුවත මෙහි අන්තර්ගතය වෙයි. කුණු කන්ද ආශ්‍රිත රැකියා අහිමිවීමෙන් අයාලේ ගිය තරුණයෝ මත්ද්‍රව්‍ය වලට ගොදුරු වෙති. කතුවරයා සත්‍ය සිද්ධි ආශ්‍රයෙන් ස්වකීය පරිකල්පනයෙන් නිර්මිත කතා පුවත සිත්ගන්නා සුලුය. උත්තම පුරුෂ කථනයෙන්, කටවහරෙන් ලියවෙන මෙහි ඇගයිය යුතු වැදගත්ම කරුණ වන්නේ පාත්‍ර ජනයා වෙත කතුවරයා හෙළන සානුකම්පිත දෘෂ්ටියයි.
මෙය, මෙහි කතුවර ගයාදාස පරණවිතන මහතාගේ දෙවැනි නවකතාවයි. ලංකා විශ්වවිද්‍යාලයෙහි (කොළඹ) ආදි විද්‍යාර්ථියෙකු වන ඔහු දීර්ඝ කාලයක් ගුරු සේවයෙහි යෙදී සිට විශ්‍රාම ලබා ගැනීමෙන් අනතුරුව සමාජ සේවයෙහි හා සාහිත්‍යකරණයෙහි යෙදී සිටියි.
මහාචාර්ය අනුර වික්‍රමසිංහ
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.