සසංකාර
වසර දෙදහස් ගණනක ඉතිහාසය පිළිබඳ මහත් උදාරුවෙන් යුතුව කතිකා කරමින් වර්තමානයේ වෙසෙන අපි අනාගත පරපුර උදෙසා ෆැන්ටසි සිහින නිමවමින් සිටිමු. එම ෆැන්ටසි සිහින පෙන්වමින් ගුවන් තොටිලිවල තබා අනාගත පරපුර නලවන අප අතින් සැකසෙන අනාගත ලෝකය කෙබඳු වුවක්ද?.
අතීතයේ මෙන්ම වර්තමානයේද බොහෝ අය සත්‍යය සොයමින් සිටිති. අනාගත පරපුරේ සමහර පිරිස්ද සත්‍යය සෙවීමට වෙහෙසෙනු නිසැකය. එහෙත් සොයන්නාට එම සත්‍යය හමුනොවන්නේ අතිශයෝක්තීන් හරහා සම්මා ශ්‍රද්ධාව වෙනුවට මිථ්‍යා ශ්‍රද්ධාව ගොඩනගා ඇති නිසාද?.
සංස්කාරයන් සහිතව සත්‍යය සොයමින් කාලාන්තරයේ සංචාරය කරන රූප පරම්පරාව පිළිබඳ කතාව "සසංකාර" ලියැවී ඇත්තේ රාජ්‍ය සාහිත්‍ය, ගොඩගේ සාහිත්‍ය සහ බෞද්ධ සාහිත්‍ය සම්මාන හරහා ඇගයුමට ලක්වූ ප්‍රවීණ ලේඛක කුමාර සිරිවර්ධන අතිනි.
Details
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.