Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / සස්වාමික

සස්වාමික

About this book

අහස් හිස එක්වනම අකුණක් පුපුරා යනු ඇසිණ. දෙව්මි තිගැස්සුණාය. එක්වනම වැසි පොද වැටෙන්නට පටන් ගත්තේය. ඉක්මන් ගමනින් දෙන්නාම දිව ආවේ දෙව්මිගේ රිය අසලටය. හිරුක හා දෙව්මි තෙමෙමින්ම රියට ගොඩ වූහ. හිරුක සිටියේ රියදුරු අසුනේය. දෙව්මි හිරුකගේ හිස තම අතින් පිස දැම්මේ එහි ඇති දිය බිඳු විසිර් යන්නටය. ඇය හිරුකගේ කමිසයේ ඇති දිය බිඳුද පිස්සාය.

"මේ ඔයා අරන් දීපුවා තමා...” හිරුක කමිසය පෙන්වමින් කීවේය.

"ම්...ඇ...ත්...ත...ද... ආ..?”

"තාත්තා ඇහැව්වා කොහෙන්ද ෂර්ට් එක කියලා...”

"කියන්න තිබුණානේ ඉතින් මම අරන් දුන්නා කියලා...”

දෙව්මි කීවේ සිනාසෙමින්ය.

“මම කිව්වා ලේලි අරන් දුන්නා කියලා...'”

"ඉතින් ඊට පස්සේ..?”

"දිගටම ඒ ක්‍රමය අරගෙන යන්න කිව්වා.. මොකද තාත්තා කොල්ලො තුන්දෙනකුට වියදම් කරන්න එපායැ... ඔයාට එහෙම නෙවේනෙ එක්කෙනයි... ගලාගෙන එන සල්ලි තියෙනවා...”

"ආ තාත්තා එහෙමද කිව්වෙ..?”

දෙව්ම් සිනාසුණාය.

ISBN
9789557012728
පිටු ගණන (Pages)
192
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: සස්වාමික

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.